මහවැලි ගඟට මෝටර් රථයක් පෙරළෙයි | දිනමිණ

මහවැලි ගඟට මෝටර් රථයක් පෙරළෙයි

මහනුවර - ගුරුදෙණිය මාර්ගයේ ඉලුක්මෝදර ප්‍රදේශයේදී, ඊයේ රාත්‍රී මෝටර් රථයක් මහවැලි ගඟට පෙරළි අනතුරක් සිදුව ඇතැයි පොලිසිය සදහන් කරයි. අනතුරින්, පුද්ගලයෙකු අතුරුදන්ව ඇත. මෝටර් රථය තවමත් සොයා ගැනීමට නොහැකිවී තිබේ. අනතුර සිදුවන අවස්ථාවේ මෝටර් රථයේ තිදෙනෙකු ගමන් කර ඇත. මහනුවර, කුණ්ඩසාල ප්‍රදේශයේ සිට භාරගම ප්‍රදේශය දක්වා ගමන් කරමින් තිබූ මෝටර් රථයක් මෙසේ අනතුරට පත්ව ඇති බව සදහන් වේ. අනතුර සිදුවූ අවස්ථාවේ ප්‍රදේශවාසීන් එක්ව පුද්ගලයන් දෙදෙනෙකු බේරාගෙන ඇති අතර, ඔවුන් රෝහල්ගත කෙරුණි. අනෙක් පුද්ගලයා සහ මෝටර් රථය සොයා පොලිස් පරික්ෂණ ක්‍රියාත්මකය.

නව අදහස දක්වන්න