කියැවීම මඟහැරුණු මිනිස්සු | දිනමිණ

කියැවීම මඟහැරුණු මිනිස්සු

 

ඔබ කවදා හරි කෙනෙකු දෙස බලා එම බැල්මෙන් පමණක් ඔහුව වටහාගන්නට පුළුවන් වූවා යැයි උදම් අනනවාද? එහිදී ඔවුන් දෙස බැලීමෙන් වටහාගත් කියවීමක් නම් එය සැබෑ කියවීමක් නොවේ. මේ කියන්නේ ඔවුන්ගෙන් කිසිවක් නොඅසා ඔවුන් ගැන දැනගැනීමයි. නැතිනම් ඔවුන් අවට ලෝකය බලන ආකාරය, ගමන් ගන්නා මඟ, ඔවුන්ගේ දෘෂ්ටිය අධ්‍යයනයෙන් ලබා ගන්නා අදහස සමඟ සැබෑ මිනිසා කියවීමයි. බොහෝ අය පොත් දහස් ගණන් කියවූ බවට වාගාලාප දෙඩූව ද තමා හෝ තමා ඉදිරියේ සිටින මිනිසා කියවා ගන්නේ නැත. බොහෝ ගැටුම් සඳහා හේතුව ඇත්තේ ද මෙයයි.

මිනිසුන් දුටු පමණින් wow මාර පොරක්!, එයා හරි මිත්‍රශීලී වශයෙන් පූර්ව නිගමනයකට ඒමට පෙර ඔබ කියවීමක නිරත වන්නේ නම් ඔබේ අනාගත සබඳතාවයට මනා පිටිවහලක් වනු ඇත. බොහෝ අයට තමාව කියවා ගන්නට යොදවන කාලය අනෙක් අය පිළිබඳව යොදවන්නේ ඇයි ද යන්න ඔබ සිතනවා ඇති. එහෙත් ඔබට වැටහෙනවා ඇති ඔබට තවකෙකු නොමැතිව ලෝකයේ ජීවත් විය නොහැකි බව. මන්ද බොහෝ අවශ්‍යතා පූර්ණය වන්නේ ඔබේ මිනිස් සබැඳියාව මතයි.

ඔබ මිනිසුන් කියවිය යුත්තේ ඇයි ද යන පැනයට පිළිතුරු විමසන බව ඒකාන්තයි. පිළිතුරු මෙසේයි, වඩාත් වැදගත් දෙය නම් ඔබට යමෙකු වෙත ළඟා වීමේ ආකාරය දැන ගත හැකියි. ඔවුන් මිත්‍රශීලී නම් ඔබට සිනහවකින් සංග්‍රහ කළ හැකියි.

ඔවුන් ඔබේ කියවීම් ලැයිස්තුවේ සාමාජිකයකු කරගත හැකියි. සෑම පුද්ගලයන් කෙරෙහිම විවිධ උපකල්පන ඔබට තිබිය හැකියි. නමුත් ඔබ මිනිසුන් පිළිබඳව ඔබගේ මානයන් ඔස්සේ කියවාගෙන යාමට හුරුවන්න. දියුණුවට නව අදහස් ලබා දෙන්නේ කවුද ? එසේ නොකරන්නේ කවුද ?යන්න ඔබටම සොයා ගත හැකියි. යම් අවස්ථාවක ඔවුන් ගැන ඔවුන්ට වඩා ඔබට කියවීමට ලැබෙන විට ඔබ එය ඔවුන්ට අවශ්‍ය නම් පමණක් පැවසීම යහපත්. මන්ද, ඔවුන්ගේ ජීවිතය අයිති ඔවුන්ට ය. ඔබට ප්‍රමාණවත් වන්නේ ඔවුන් පිළිබඳ සැබෑ කියවීමක් ඔබ තුළ ස්ථාපිත කරගැනීම පමණයි.

නොදන්නා පුද්ගලයන් කියවීමට පෙර දන්නා අය කියවීම පහසුය. නමුත් ඔවුන් කියවීම තුළ හුදෙක් මතුපිටින් නොව අභ්‍යන්තර කියවීමක් කරන්නේ නම් ඔබට බොහෝ නොවිසඳුණු දේ ගැන අනාවරණය වනු ඇත.

මෙය කියවන ඔබට හැඟේවි මිනිස්සුන් කියවලා මොනවද ලැබෙන්නෙ නැතිනම්, කුමන ලාභයක් ද යන්න. මෙහිදී එම කුසලතාව ලද ඔබට වවුලාගේ ගෙදර එල්ලී සිටීමට හැකි ලෙසම ඕනෑම අයෙකු සමඟ ජීවත් විය හැකියි.

මිනිසුන් කියවීම තුළ ඉදිරියේ සිටින අයට කතන්දර නිර්මාණය කරනවා මෙන් ඔබ තුළ ඔවුන්ගේ සැබෑ චිත්‍රයක් මැවෙනු ඇත. සැබැවින්ම මෙය මානසික චිකිත්සාවකි. ඔබට ඇති බොහෝ ගැටලු සඳහා හොඳම විසදුම් මින් ලැබෙනු ඇත. මන්ද මෑත කාලීන තාරුණ්‍යය අනෙක් අය ගැන නිවැරැදි කියැවීමකින් තොරව ව්‍යාජ තොරතුරු නිර්මාණයට වැඩි කාලයක් යොදවන අතර, සැබෑ මිනිසුන් කියවා නොගැනීමයි.

ඉෂාන්ති අමරසිංහ

 

-----------------------------

දුකට-සැපට whatsappමය

ඔබ whatsapp භාවිත කරන අයෙක් නම් මෙය කියවිය යුතුම වේ. මතකද මේක භාවිත කරන්න ගත්ත මුල්ම දවස. හරියට මොකද්ද වෙන්නේ මේකේ කියල දන්නෙවත් නැතුව බොහෝ දෙනා මේ APP එක භාගත කරගත්තේ. අද මේ මේක කලාවක් වෙලා සෙල්පි කලාවත් එක්ක වීඩියෝ, පොටෝස්, පෝස්ට් දැමීමේ හැකියාවක් තිබෙනවා. වර්තමානයේ මිනිස්සු මේක ව්‍යාපාරික කටයුතු සඳහා ද ප්‍රවර්ධනය කටයුතු සඳහා ද භාවිත කරමින් පවතිනවා.

ඒත් අද වන විට ස්ත්‍රී, පුරුෂ දෙපාර්ශවයම මෙය ජීවිතයේ තමන් මුහුණ දෙන, තමන්ට ලැබෙන දුක, සතුට මේ සාධක දෙකේදීම සීමාවකින් තොරව පෝස්ට්, වීඩියෝ කිරීම දැකිය හැකියි. සතුටු හිතෙන කරුණු පෝස්ට් කළත් ජීවිතේ ප්‍රදර්ශනය කළ යුතුම දුකකදී මිස අනෙක් කාරණාවලදී Status දාගෙන ඔබගේ පෞද්ගලිකත්වය පහත හෙළන්න එපා.

බොහෝ විට මේ කරුණ තරුණ පිරිස අතර සිදුවන කාරණයක්. උගත් නූගත් දෙපාර්ශවයම විසින් මෙය සිදු කිරීම දැකිය හැකිය. විශේෂයෙන්ම ප්‍රේම සම්බන්ධතා බිඳවැටීමේදී මෙවැනි දේ සිදු කිරීම කොතෙකුත් සමාජ මාධ්‍ය තුළ දැක ගත හැකියි. මගේ මිතුරියක ඇගේ පෙම්වතා ඇයව අතහැර යාම නිසා මෙවැනි දේ සිදු කරමින් සිටියා. එහෙත් ඒ තුළ හැරගිය පෙම්වතා යළි පැමිණීමක් සිදුවන්නේ නැත. එයින් ඈ පිළිබඳ තිබූ ආකල්ප පවා සමාජයේ ඇය ඇසුරු කළ අයගෙන් ගිලිහී යන්නක් පමණයි සිදුවන්නේ. මොහොතකට සිතන්න; ඔබගේ පෝස්ට් නරඹන මිතුරන්, නෑදෑයන්, විශ්වවිද්‍යාල, පාසල් ගුරුවරු ඔබ ගැන දරන්නේ කෙබඳු ආකල්පයක්ද, ඔබ විසින්ම ඔබේ දුර්වලකම ප්‍රදර්ශනය කළ යුතුද..? අර මිතුරියත් දිනෙන් දින මෙවැනි දේම සිදු කරමින් කාලය ගත කරමින් ඇගේ ජීවිතයේ අරමුණු සාර්ථක කරගත්තද පෞද්ගලිකත්වය තුළ ඉතා දුර්වල කාන්තාවක් වූවා.

ඔබට දුක හිතෙන්න කාරණා විවිධ වෙන්න පුළුවනි. එහෙත් ඊට එහා තමන්ගේ දුර්වලකම Status එකකින් ලෝකයට පෙන්වන්න එපා. දිනක් එවැනිම සිදුවීමක් පිළිබඳ මගේ මිතුරෙක් මෙසේ පැවසුවා. අපි ගොඩක් වෙලාවට නිරන්තර රණ්ඩු වෙනවා. මට ගොඩක් කේන්ති යනවා ඒ නිසා මගේ පෙම්වතිය මේක දරාගන්න බැරි වෙනකොට මෙවැනි පෝස්ට් share කරනවා. ඒත් ආයේ හොඳින් ඉද්දි සතුටු හිතෙන දේවල් Share කරනවා. මේක අවුරුදු 5ක් තිස්සේ එකදිගට සිද්දවුණා. මේක බලන් හිටිය අපේ දෙමාපියන් අපේ විවාහයට අකමැති වුණා. කාලයක් සතුටින් කාලයක් දුකින් හිටියා මේ හේතුව නිසා. දුක දැනෙනකොට ඔබට එය පිට කිරීමට ඔබ දුකෙන් පසුවන්නේ යන්න ලෝකයට පෙන්වීමට අවශ්‍ය නැහැ. ඔබට අවශ්‍ය නම් ඔබේ පෙම්වතාට හෝ පෙම්වතියට ඒ බව පැවසීමට ඔහුට පමණක් පෙනෙන ලෙස දමන්න. එසේවත් සිදු කිරීම අවශ්‍ය නොවේ. ඔබට ඔබේ දුක සතුට දරාගන්න පුළුවන් කෙනෙක් බවට මුලින්ම පරිවර්තනය වෙන්න උත්සාහ දරන්න.

ඔබට දුකයි නම් ගීත අසන්න. නමුත් දුක දැනෙන ගීත ඇතුලත් නොකරගන්න. දුරකතනයෙන් ඈත්වී සිටින්න. සිනහ උපදවන වීඩියෝ, චිත්‍රපට බලන්න. ඔබේ කාලය නිරන්තරවම whatsapp වෙත ගොස් Status බැලුව ද යන්න සෙවීම ජීවිතෙන් ඈත් කරන්න. අනෙකාට එය බැලීමට අවශ්‍යයයි නම් ඔබට නොපෙනී බලන්නට අවශ්‍ය පහසුකම් ඒ තුළ තිබෙනවා. මේ නිසා වර්තමානයේ බොහෝ පිරිසක් අඬන, දුක හිතෙන, දේවල් share කරමින් අනෙකාගේ උපහාසයට ලක් නොවන්න. මෙයට ප්‍රධානම හේතු කාරණාව මේ ලෝකේ ඔබ සමඟ සිනහව නැංවූ පමණින් ඔවුන් ඔබ සිතන් ඉන්න මිනිසුන් නොවේ. අනෙකාගේ දුක වේදනාව හමුවේ හිත් උණු වන පිරිස ඉතාම අල්පයි. බොහෝ මිනිසුන් උඩින් සිනහව පා අභ්‍යන්තරයෙන් ‘අනේ යසයි’ කියන දුෂ් ගුණ වපුරන මිනිසුන්ය. ඔබ ඔබේ ජීවිතයේ ශක්තිමත් වන්න. දුර්වල තැන් මාකා දමමින් නැඟී සිටින්න.

මෙය මුහුණුපොත හරහා ද අද වන විට බහුලවම සිදු වන්නක්. නමුත් ඔබ ඔබේ අනන්‍යතාව, පෞද්ගලිකත්වය තුළ දුර්වල නොවන්න. Status භාවිත කරන්න. ලෝකයට විහිළුවක් නොවී ජීවත් වන්න. මන්ද ඔබේ ජීවිතේ විනිශ්චයකරු ඔබයි.

සංවර්ධනය වෙමින් පවතින අපේ රටේ මිනිස්සුන්ගේ ආකල්ප ටික හරි හැදෙනවානම් තාක්ෂණික අතින් හෝ අධ්‍යාත්මික සංවර්ධනයක් හෝ මිනිසුන්ට ලැබෙනවා. නමුත් ඒ තැනට සාර්ථකව ගමන් කර ඇත්තේ කීයෙන් කී දෙනෙක්ද? තවමත් ජීවිතේ හමුවන විවිධ මංසන්ධිවල හිරවී, විඳවන මිනිසුන් බොහෝයි. ඔවුන්ගේ දෑස් විවර වන්නට කාලයක් උදාවෙත්නම්.

 

වයි. බී. තිළිණි නිසංසලා

ජනසන්නිවේදන අධ්‍යයන අංශය

කැලණිය විශ්වවිද්‍යාලය

 

නව අදහස දක්වන්න