රවිට එරෙහි නඩුව නිෂ්ප්‍රභ කරන්නැයි විත්තියේ නීතිඥයෝ ඉල්ලති | දිනමිණ

රවිට එරෙහි නඩුව නිෂ්ප්‍රභ කරන්නැයි විත්තියේ නීතිඥයෝ ඉල්ලති

රෝෂන් තුෂාර

2016 වසරේ ශ්‍රී ලංකා මහ බැංකුව විසින් කළ බැඳුම්කර වෙන්දේසියේ දී රුපියල් බිලියන 15ක බැඳුම්කර සම්බන්ධයෙන් සාපරාධී විශ්වාසය කඩ කළේ යැයි චෝදනා කරමින් හිටපු මුදල් ඇමැති රවී කරුණානායක මහතා ඇතුළු විත්තිකරුවන් පිරිසකට එරෙහිව ගොනු කර ඇති නඩුව විභාගයට නොගෙන නිෂ්ප්‍රභ කරන්නැයි විත්තියේ නීතිඥවරු කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඬුල්ල ඉදිරියේ මූලික විරෝධතා මතු කරමින් පෙරේදා (01) ඉල්ලා සිටියෝය. මහාධිකරණ විනිසුරු අමල් රණරාජා, නාමල් බලල්ලේ සහ ආදිත්‍ය පටබැඳිගේ යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල විනිසුරු මඬුල්ල ඉදිරියේ කැඳවීය.

විත්තිය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ගාමිණී මාරපන මහතා මෙම විරෝධතා ඉදිරිපත් කළේය.

ජනාධිපති නීතිඥ ගාමිණී මාරපන මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් තම සේවාදායකයන් වන පර්පචුවෙල් ට්‍රෙෂරීස් සමාගමට අයත් දේපළ තහනම් කිරීමට නීතිපතිවරයා ගනු ලැබූ ක්‍රියා මාර්ගය නීතියට පටහැණි බව සඳහන් කළේය.

නව අදහස දක්වන්න