ඉන්දියාවෙන් පළමු වරට ඔමික්‍රෝන් ආසාදිතයින් | දිනමිණ

ඉන්දියාවෙන් පළමු වරට ඔමික්‍රෝන් ආසාදිතයින්

දකුණු ඉන්දියාවේ කර්නාටක ප්‍රාන්තයෙන් ඔමික්‍රෝන් කොවිඩ් ප්‍රභේදයේ අසාදිතයින් දෙදෙනකු හඳුනා ගෙන ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
 
මෙලෙස වෛරසය ආසාදිත බවට හඳුනා ගෙන ඇත්තේ, අවුරුදු 66 සහ 46 යන වයස්වල පසුවන විදෙස්ගතව සිට පැමිණි පිරිමි පුද්ගලයින් දෙදෙනෙකි.
 
ඉන්දියාවෙන් ඔමික්‍රෝන් වෛරස අසාදිතයින් වාර්තා වූ පළමු අවස්ථාව මෙයයි.
 
ඉන්දීය සෞඛ්‍ය බලධාරීන් පවසා ඇත්තේ මේ වනවිට අදාළ ආසාදිතයින්ගේ ආශ්‍රිතයින් පිළිබඳ සම්බන්ධතා නිරීක්ෂණය කරමින් සිටින බවයි.
 
මේ අතර ඔමික්‍රෝන් කොවිඩ් ප්‍රභේදය "ඉහළ ආසාදන අවදානමක්" ඇති කරන බවට ලෝක සෞඛ්‍ය සංවිධානය (WHO) අනතුරු අඟවා ඇත.
 

නව අදහස දක්වන්න