අපරාධ බුද්ධි විමර්ශනයේ දත්ත විශ්ලේෂණ ස්ථානාධිපති විදේශගත වීම ගැන පරීක්ෂණයක් | දිනමිණ

අපරාධ බුද්ධි විමර්ශනයේ දත්ත විශ්ලේෂණ ස්ථානාධිපති විදේශගත වීම ගැන පරීක්ෂණයක්

සුභාෂිණී සේනානායක

අපරාධ බුද්ධි විමර්ශන කොට්ඨාසයේ සංඛ්‍යාලේඛන දත්ත විශ්ලේෂණය කිරීමේ අංශයේ ස්ථානාධිපතිවරයා නොදන්වා විදේශගත වීම සම්බන්ධයෙන් පරීක්ෂණයක් ආරම්භ කර තිබේ.

ස්ථානාධිපතිවරයා නිවාඩු නොගෙන නොදන්වා විදේශගත වීම හේතුවෙන් සේවය හැර ගියා සේ සලකා ක්‍රියා කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නීතිඥ නිහාල් තල්දූව මහතා ‘දිනමිණ‘ට ඊයේ (3) පැවසීය.

පොලිස් පරීක්ෂකවරයා නිවාඩු ලබා නොගෙන විදේශගත වීම හේතුවෙන් නෛතික ක්‍රියාමාර්ග ගැනීමෙන් පසු මෙසේ සේවය හැර ගියා සේ සලකා කටයුතු කරන බවද හෙතෙම කීවේය.

ඔහුට විදේශ රැකියාවක් ලැබී ඇති බවත් නිවාඩු අනුමත කර ගැනීමට කාලයක් නොතිබීම මත ලෙඩ නිවාඩු වාර්තා කර මෙලෙස විදේශගත වී ඇති බවත් දැනට කරන ලද පරීක්ෂණ අනුව තහවුරු වී ඇති බවත් හෙතෙම කීවේය. ඔහුගේ ඉවත්වීමෙන් ලේඛනයකට හෝ දත්තවලට හානියක් සිදුව නැති බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් කීවේය.

නව අදහස දක්වන්න