මහවිරු සැමරුම් නැවැත්වීමට පියවර ගන්න - මන්ත්‍රී ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා | දිනමිණ

මහවිරු සැමරුම් නැවැත්වීමට පියවර ගන්න - මන්ත්‍රී ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා

ස්වර්ණා විජේකෝන්
නුවන් කොඩිකාර
සන්ධ්‍යා කරුණාරත්න

තැන තැන කරනු ලබන මහවිරු සැමරුම් නතර කිරීමට වහා පියවර ගන්නැයි ආණ්ඩුවෙන් ඉල්ලා සිටින බව පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (3) පැවසීය.

මියගිය අය සැමරීම ප්‍රශ්නයක් නොවුණත් ප්‍රභාකරන්ගේ උපන්දිනයේදී මහවිරු නමින් දිනයක් නම් කර කරන සැමරීමට දැඩි ලෙස විරුද්ධ බව ආරක්ෂක අමාත්‍යාංශය පිළිබඳ කාරක සභා අවස්ථාවේ විවාදයට එක් වෙමින් මන්ත්‍රීවරයා එසේ කියා සිටියේය. තමන් මේ කතාව කිරීමට පෙර නායකවරයා සමඟ සාකච්ඡා කළ බවත් පක්ෂ නායකවරයාගේ සහ පක්ෂයේ අනුමැතියත් ඊට ලැබුණු බවත් ෆොන්සේකා මහතා කීවේය.

උතුරේ දේශපාලනඥයන්ට ගරු කළද, උතුරේ ඇතැම් දේශපාලනඥයන් දේශපාලන වාසි හා ලාභ ගැනීමේ අරමුණින් ඊට අනුබල දෙන බව පැවසූ ඒ මහතා එය දැඩි පිළිකුලෙන් හෙළා දකින බව ප්‍රකාශ කළේය. එල්ටීටීඊ සැමරුම් හා ජනතා විමුක්ති පෙරමුණේ සැමරුම් සන්සන්දනය කළ නොහැකි බවත් ජනතා විමුක්ති පෙරමුණ දේශපාලන පෙරළියක් වෙනුවෙන් විප්ලව කළ කණ්ඩායමක් බවත් මන්ත්‍රීවරයා සඳහන් කළේය.

 

නව අදහස දක්වන්න