විද්‍යාලංකාර නව පිරිවෙන්පති නාවින්නේ සුගුණධම්ම හිමි | දිනමිණ

විද්‍යාලංකාර නව පිරිවෙන්පති නාවින්නේ සුගුණධම්ම හිමි

නි. පිරිවෙන්පති හා අධ්‍යක්ෂ ධුර වැලමිටියාවේ ඤාණරතන හිමියන්ට

පෑලියගොඩ විද්‍යාලංකාර පරිවේණාධිපති ධුරය සඳහා කොළඹ හලාවත දෙදිසාවේ උපප්‍රධාන සංඝ නායක, පෑලියගොඩ විද්‍යාලංකාර නියෝජ්‍ය පරිවේණාධිපති ආචාර්ය නාවින්නේ සුගුණධම්ම හිමිපාණන් වහන්සේ පත් කරනු ලැබ සිටිති.

ඒ අනුව පුරප්පාඩු වූ විද්‍යාලංකාර නියෝජ්‍ය පරිවේණාධිපති හා අධ්‍යක්ෂ ධුරයට විද්‍යාලංකාර පිරිවෙනේ ආචාර්ය වැලමිටියාවේ ඤාණරතන හිමිපාණන් වහන්සේ පත් කොට තිබේ.

කැලණිය විශ්වවිද්‍යාලයේ කුලපති, කොළඹ හලාවත දෙදිසාවේ ප්‍රධාන සංඝ නායක, පෑලියගොඩ විද්‍යාලංකාර පරිවේණාධිපතිව වැඩ සිට, අග්ගමහා පණ්ඩිත, ආචාර්ය වැලමිටියාවේ කුසලධම්ම නා හිමිපාණන් වහන්සේගේ අපවත් වීමෙන් අනතුරුව පසුගිය සිකුරාදා ප්‍ර‍ථම වතාවට රැස් වූ විද්‍යාලංකාර විධායක සභාව මේ නව පත්වීම් සිදුකළ බව එහි සමලේකම් කථිකාචාර්ය උඩගලදෙණියේ ධම්මවිමල හිමියෝ පැවසූහ.

නව අදහස දක්වන්න