ෆවාස්ගේ ඝාතනයට සැක 4ක් අත්අඩංගුවට | දිනමිණ

ෆවාස්ගේ ඝාතනයට සැක 4ක් අත්අඩංගුවට

කෙසෙල්වත්තේ ෆවාස් නමැත්තා තියුණු ආයුධවලින් පහර දී ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවන් 4 දෙනකු පෙරේදා (5) රාත්‍රී කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් පිරිසක් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

පසුගිය 4 වැනිදා කෙසෙල්වත්ත පොලිස් වසමේ පරණ යෝන් වීදියේ දී මොහොමඩ් කාමිල් මොහොමඩ් පවාස් නමැත්තා මෝටර් රථයකින් පැමිණි නාඳුනන පිරිසක් තියුණු ආයුධවලින් කපා කොටා ඝාතනය කර තිබුණි. එම සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවන් 4 දෙනකු පෙරේදා (5) රාත්‍රී කොළඹ අපරාධ කොට්ඨාසයෙන් අත්අඩංගුවට ගෙන තිබේ. ඔවුන් අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී මනුෂ්‍ය ඝාතනයට යොදා ගත් තියුණු කඩු හතරක් ඔවුන් සන්තකයේ තිබී පොලිස් භාරයට ගෙන තිබේ. සැකකරුවන් මනුෂ්‍ය ඝාතනය සඳහා පැමිණි මෝටර් රථය පිළිබඳ තොරතුරුද පොලිසිය මේ වන විට අනාවරණය කර ගෙන ඇති අතර එය අත්අඩංගුවට ගැනීමට විශේෂ මෙහෙයුමක් ආරම්භ කර තිබේ. අත්අඩංගුවට ගෙන ඇති සැකකරුවන් කෙසෙල්වත්ත පොලිස් වසමේ පදිංචි පුද්ගලයන් වන අතර ඔවුන් වයස අවුරුදු 23ත් 33ත් අතර වයස් කාණ්ඩවල පුද්ගලයන් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය. සිද්ධිය සම්බන්ධ වැඩිදුර විමර්ශන කෙසෙල්වත්ත පොලිස් ස්ථානය සහ කොළඹ අපරාධ කොට්ඨාසය සිදු කරති.

රක්ෂණ ශ්‍රියන්ත

නව අදහස දක්වන්න