ඉන්දියාවට ඉතිහාසගත ජයක් | දිනමිණ

ඉන්දියාවට ඉතිහාසගත ජයක්

සංචාරක නවසීලන්ත ක්‍රිකට් කණ්ඩායම සමඟ මුම්බායිහිදී පැවැති දෙවැනි ටෙස්ට් තරගයෙන් ලකුණු 372ක වාර්තාගත ජයක් අත් කර ගැනීමට ඉන්දීය කණ්ඩායම සමත් විය.

මේ ජය සමඟ තරග 2කින් සමන්විත ටෙස්ට් තරගාවලිය ද ඉන්දියාව ජය ගත්තේ 1-0ක් ලෙසිනි.

මෙය ඉන්දීය ක්‍රිකට් වාර්තා අතරට එක් වූයේ ඉහළම ලකුණු පරතරයකින් ජය ගත් ටෙස්ට් තරගය ලෙසිනි.

තරගය ජය ගැනීම සඳහා හිමි වූ ලකුණු 540ක දැවැන්ත ඉලක්කය හමුවේ නවසීලන්ත පිලට දෙවැනි ඉනිමේදී සියල්ලන් දැවී රැස් කළ හැකි වූයේ ලකුණු 167ක් පමණි.

ඩැරල් මිචෙල් ලකුණු 60ක් රැස් කරමින් ඉනිමේ ලකුණු ලාභියා වූ අතර පන්දු යැවීමේදී රවිචන්ද්‍රන් අශ්වින් හා ජයන්ට් යාදව් කඩුලු 4 බැගින් දවා ගත්හ.

මේ තරගාවලිය අයිසීසී ලෝක ටෙස්ට් ශූරතාවලියට ඇතුළත් වූ අතර මේ ජය සමඟ ප්‍රසාද ලකුණු 42ක් හිමි කර ගත් ඉන්දියාව 58.33%ක ජයග්‍රහණ ප්‍රතිශතයක් තෙවැනි ස්ථානයේ රැඳී සිටී.

මේ සටහනේ පෙරමුණ තවමත් ශ්‍රී ලංකාව සතු වන අතර දෙවැනි ස්ථානය පාකිස්තානයට හිමිව තිබේ.

නව අදහස දක්වන්න