මාවුස්සාකැලේ ගොවීන්ට කහ පැළ 500ක් | දිනමිණ

මාවුස්සාකැලේ ගොවීන්ට කහ පැළ 500ක්

මස්කෙළිය, මාවුස්සාකැලේ ගොවි සමිතියේ සාමාජිකයන් සඳහා කහ පැළ 500ක් බෙදා දීම පසුගියදා සිදු කෙරිණි.

ජනාධිපතිවරයාගේ “සෞභාග්‍යයේ දැක්ම” වැඩසටහන යටතේ, නුවරඑළිය දිස්ත්‍රික් සංවර්ධන කමිටුවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.බී.දිසානායක මහතාගේ මූලිකත්වයෙන් මෙම කහ පැළ තොගය ගොවි සමිතිය වෙත ලැබුණ බව මස්කෙළිය ප්‍රාදේශිය සභාවේ සභික හා මාවුස්සාකැලේ ගොවි සමිතියේ සභාපති එම්.පී. ආනන්දන් මහතා පැවැසීය.

කෘෂිකර්ම පර්යේෂණ හා නිෂ්පාදන සහකාර නිලධාරි ඩී.එම්.අජිත් කුමාර හා මස්කෙළිය ප්‍රාදේශිය සභාවේ සභික එම්.පී. ආනන්දන් යන මහත්වරුන් විසින් ගොවි සමිතියේ සාමාජිකයන්ට කහ පැළ බෙදා දුන් අයුරු ඡායාරූපයෙන් දැක්වේ.

ඡායාරූප-මස්කෙළිය සමූහ ගාමිණී බණ්ඩාර ඉලංගන්තිලක

මස්කෙළිය සමූහ - ගාමිණී බණ්ඩාර ඉලංගන්තිලක

නව අදහස දක්වන්න