රොබොල්ගේ සෝමලතා රත්නාවලී ඩෙප් මහත්මිය - (ප්‍රථමයෙන් රජයේ පුහුණු ඉංග්‍රීසි ගුරුවරියක් ලෙස කොළඹ ගෝතමී බාලිකා විද්‍යාලයේ සේවය කොට පසුව නෙච්වර්ත් ධම්ම නිකේතනය බෞද්ධ සංස්කෘතික මධ්‍යස්ථානයේ ලේකම් වශයෙන් කටයුතු කළ) අභාවප්‍රාප්ත හෙන්රි සහ ලීලාවතී ලෙනෝරා මහත්ම මහත්මීන්ගේ වැඩිමහළු දියණිය වූද, පත්මන්, අයිරංගනී, අභාවප්‍රාප්ත වික්ටර් සහ මාලිනි යන අයගේ දයාබර සොහොයුරිය වූද, ඇන්ඩ්‍රා (ප්‍රථමයෙන් ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ පත්කළ නිලධාරියෙකු ලෙස සේවය කොට පසුව එක්සත් රාජධානියේ විශ්‍රාමික සිවිල් සේවකයෙකු වශයෙන් කටයුතු කළ) මහත්මාගේ දයාබර බිරිඳ වූද, ඛුෂ්ලානි සහ ඛුෂිල් යන දරුවන්ගේ දයාබර මව්තුමිය වූද, පියුමලී ගේ දයාබර පුංචි අම්මා වූද, කොන්ස්ටන්ස් සහ ලියනාඩෝ යන අයගේ සෙනෙහෙබර ආච්චි අම්මා වූද, රොබොල්ගේ සෝමලතා රත්නාවලී ඩෙප් මහත්මිය 2021 ජූලි මස 16 වන දින සිහිනුවණින් යුතුව එංගලන්තයේදී අභාවප්‍රාප්ත විය. එතුමියගේ අවසන් කටයුතු බෞද්ධ ආගමානුකූලව පූජ්‍ය අකුරළ සමිත ස්වාමීන් වහන්සේගේ මූලිකත්වයෙන් බෞද්ධ භික්ෂූන් වහන්සේලාගේ සහභාගීත්වයෙන් සිදු කරන ලදී. රත්නාවලී මහත්මියගේ භෂ්මාවශේෂ හාඩ්පර්ශේයා ප්‍රාන්තයේ ලෙච්වර්ත් ගම් නගරයේ තිබෙන පොදු සුසාන භූමියේ තැන්පත් කරන ලදී. එතුමියට උතුම් නිවන් සුව අත්වේවා! ඥාති හිත මිත්‍රාදීන් මෙම නිවේදනය කරුණාවෙන් පිළිගනු ලබත්වා. E-mail - pamankade6572@yahoo.co.uk, Tel. 00441462615638080015
නව අදහස දක්වන්න