ISM සහ Sana Commerce එක්වෙයි | දිනමිණ

ISM සහ Sana Commerce එක්වෙයි

ප්‍රමුඛ පෙළේ e-commerce සේවා සම්පාදකයකු වන ISM APAC සමාගම පසුගිය දා නෙදර්ලන්තයේ Sana Commerce Global ආයතනය සමඟ නව ව්‍යාපාර සහයෝගීතාවකට එළඹිණි. වසර 7කට අධික කාලයක් ආසියානු පැසිෆික් කලාපය මූලික කර ගනිමින් Sana Commerce Globalහි මූලස්ථානය වෙනුවෙන් ප්‍රධාන සංවර්ධන මධ්‍යස්ථානයක් ලෙස ක්‍රියා කළ ISM APAC ආයතනය, නව සහයෝගීතාව සමඟ Sana Commerce Sri Lanka නමින් සිය ව්‍යාපාර මෙහෙයුම් ආරම්භ කර තිබේ.

දැනට සමාගම සතු සේවක සංඛ්‍යාව 180කට අධිකය. නව ව්‍යාපාර සහයෝගීතාව සමඟ සමාගම පිරිනමන සේවා වපසරිය වර්ධනය වීමත් සමඟ මේ සේවක පිරිස ද තවදුරටත් ශක්තිමත්ව වර්ධනය වීමට නියමිතය. එමෙන්ම සමාගමේ සේවකයන්ට ගෝලීය අත්දැකීම් ගැනීමේ හැකියාව ද මේ සමඟ හිමි වේ. ඒ අනුව ශ්‍රී ලංකාවේ ව්‍යාපාර පරිසරයෙන් ඔබ්බට ගොස් Sana Commerce මඟින් පිරිනමන පුළුල් දැනුම, ඉගෙනුම් සහ පුහුණු අවස්ථා සමඟ වටිනා අත්දැකීම් සම්භාරයක් ඔවුන්ට හිමි වනු නිසැකය.

Sana Commerce යනු නිෂ්පාදන සමාගම්, බෙදාහැරීම් සහ තොග වෙළෙඳ සමාගම්වලට පාරිභෝගිකයන් සමඟ සම්බන්ධ වෙමින් දිගු කාලීන සබඳතා ගොඩනඟා ගැනීමට අවස්ථාව සලසන e-commerce අවකාශයකි. මෙහි විශේෂත්වය වන්නේ හුදෙක් ගනුදෙනුවලින් ඔබ්බට ගිය සබඳතා නිර්මාණය කර ගැනීමට ඉඩප්‍රස්ථා උදා කරදීමය. මේ සුවිශේෂීත්වය හේතුවෙන්ම Forrester මඟින් Strong Performer සහතිකය මෙන්ම ජර්මනියේ පැවති 2021 e-commerce සම්මාන උලෙළේදී Best E-shop වැඩමුළුව අංශයේ ජයග්‍රාහකයා වීමට ද, G2හිදී මධ්‍ය වෙළෙඳපොළ කාණ්ඩයේ ප්‍රමුඛස්ථානය දිනා ගැනීමට ද Sana Commerce සමත් විය. ”ශ්‍රී ලංකාවේ පිහිටි අපගේ සංවර්ධන මධ්‍යස්ථානය තුළ ඉතාම දක්ෂ වෘත්තිකයින් පිරිසක් සේවය කරනවා. විවිධ ව්‍යාපෘති රැසක් භාර ගෙන සාර්ථකව ඒවා මෙහෙයවමින් අපේක්ෂිත මට්ටමට ළඟා කර ගන්නා මේ වෘත්තීකයන් කණ්ඩායම අපගේ සාර්ථකත්වය සහ නවෝත්පාදනයේ ගාමක බලවේගය බවටත් පත්ව තිබෙනවා. එනිසා වේගයෙන් ඉදිරියට යමින් වර්ධනීය අවස්ථා අත් පත් කර ගැනීමට අපට පුළුවන්” යනුවෙන් Sana Commerce ප්‍රධාන විධායක නිලධාරී සහ කළමනාකාර සහකරු Michiel Schipperus මහතා පැවසීය.

නව අදහස දක්වන්න