උතුරු කොරියාවෙන් සැක කටයුතු මිසයිලයක් | දිනමිණ

උතුරු කොරියාවෙන් සැක කටයුතු මිසයිලයක්

නව වසර ඇරඹුමේදීම හයිපර්සොනික් මිසයිලයක් බවට නම් කරමින් මිසයිල අත්හදා බැලීමක් සිදුකළ උතුරු කොරියාව ඊට සතියක් ගත වීමට පෙර තවත් සැක කටයුතු මිසයිලයක් අත්හදා බලා ඇතැයි බීබීසී පුවත් සේවය වාර්තා කළේය. පසුගිය අඟහරුවාදා එරට වේලාවෙන් පෙරවරු 7.27ට මේ මිසයිල අත්හදා බැලීම සිදු කර ඇතැයි දකුණු කොරියාව වාර්තා කර තිබේ.

ජපානයේ වෙරළ ආරක්ෂක හමුදාව ද ඒ වාර්තාව තහවුරු කරමින් ප්‍රකාශ කර ඇත්තේ බැලැස්ටික් මිසයිලයක් බවට සැක කෙරෙන යම්කිසි අත්හදා බැලීමක් උතුරු කොරියාව සිදු කර ඇති බවය.

කිසිදු සැක කටයුතු අත්හදා බැලීමක් සිදු නොකරන ලෙස රටවල් 6 ක් විසින් උතුරු කොරියාවෙන් ඉල්ලීමක් කිරීමෙන් දින කිහිපයක් ඇතුළත මේ අත්හදා බැලීම සිදු කර ඇති අතර, දකුණු කොරියාවේ සහ අමෙරිකාවේ බුද්ධි අංශ මේ පිළිබඳ සවිස්තරාත්මක විශ්ලේෂණයක් සිදු කරමින් සිටින බව දකුණු කොරියාවේ ඒකාබද්ධ මාණ්ඩලික ප්‍රධානියා ප්‍රකාශ කර තිබේ.

 

නව අදහස දක්වන්න