ආණ්ඩුව විදේශ විනිමය ගේන්න ජාතික සම්පත් විකුණනවා | දිනමිණ

ආණ්ඩුව විදේශ විනිමය ගේන්න ජාතික සම්පත් විකුණනවා

සුනිල් හඳුන්නෙත්ති

ලෝකයේ පොසිල ඉන්ධන අවසන් වුව ද අයිතිය රැක ගත හැකි වන පරිදි 2072 වර්ෂය දක්වා ඉන්දියාවට තෙල් ටැංකි සංකීර්ණය දීමට මේ ආණ්ඩුව කටයුතු කර ඇති බව ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික සුනිල් හඳුන්නෙත්ති මහතා මාධ්‍ය හමුවකදී ඊයේ (12) පැවසීය.

වත්මන් පාලකයන් විසින් ශ්‍රී ලංකාව ඉන්දියා බල දේශපාලනය ඉදිරිපිට දණගස්වා ඇති බවත් ඒ මහතා සඳහන් කළේය.

රට සංවර්ධනය කරන්න, විදේශ විනිමය ගේන්න සහ රටේ අනාගත සුරක්ෂිතභාවය ආරක්ෂා කරන්න යැයි පවසමින් මේ ආණ්ඩුව ජාතික සම්පතක් වන ත්‍රිකුණාමලය තෙල් ටැංකි සංකීර්ණය විකිණීමට එරෙහිව වහාම ජනතාව හඬ නැඟිය යුතු බවත් හඳුන්නෙත්ති මහතා පැවසීය.

නුවන් හෙට්ටිආරච්චි

නව අදහස දක්වන්න