මොරටු රන් හටන අද-හෙට | දිනමිණ

මොරටු රන් හටන අද-හෙට

ඩිල්වින් මෙන්ඩිස්
වේල්ස් කුමාර විදුහල් පිල: ඉදිරි පෙළ වාඩි වී (වමේ සිට) - නිලන්ත කුරේ (ප්‍රධාන පුහුණුකරු), තරිඳු අමරසිංහ, කසුන් දේවප්‍රිය (ක්‍රීඩා භාර ආචාර්ය), දිනුර ප්‍රනාන්දු (නායක), දිමුතු දෙරණගොඩ (විදුහල්පති), පසිඳු පැතුම් (උප නායක), සරත් තිලකරත්න (ක්‍රිකට් භාර ආචාර්ය), රජීව ක්‍රිශාන් ප්‍රනාන්දු (උප පුහුණුකරු), මැද පෙළ (මේ සිට) - අචල පෙරේරා, අශාන් ප්‍රනාන්දු, ඔමේශ් මෙන්ඩිස්, තනූජ් කවිශාන්, අනූප (වමේ සිට) - රෙහාන් ශාමික, මහින්ද ද සිල්වා, කෙනුල පෙරේරා, සුමල්ක ප්‍රනාන්දු, මිසිත් ද සිල්වා, රිවිත් ජයසූරිය, ප්‍රින්ස් ආලෝක.

මොරටු රන් හටන ලෙස විරුදාවලිය ලත් මොරටුව වේල්ස් කුමාර විදුහලත් සාන්ත සෙබස්තියන් විදුහලත් අතර 71 වැනි වරට පැවැත්වෙන දෙදින මහා ක්‍රිකට් තරගය අද (14) සොයිසා ක්‍රීඩාංගණයේදී ආරම්භ වෙයි.

මෙවර වේල්ස් කුමර විදුහල මෙහෙයවන්නේ දිනුර ප්‍රනාන්දු වන අතර ඔහුගේ උප නායකයා වන්නේ පසිඳු පැතුම්ය. මේ තරගයේ විශේෂත්වය වන්නේ දිනුර ප්‍රනාන්දුගේ පියා වන විශ්වනාත් ප්‍රනාන්දු 1992 දී වේල්ස් කුමරුවන්ට නායකත්වය දීමයි. පිය පුතු දෙදෙනෙක් වේල්ස් කුමර විදුහලේ මහා තරගයට නායකත්වය දෙන දෙවැනි අවස්ථාව මෙය වේ. මින් පෙර 1914 දී එච්.එෆ්.එෆ්. සේනාරත්නත්, 1951දී ඔහුගේ පුත්‍රයා වන නිසාල් සේනාරත්නත් නායකත්වය දැරීය. සාන්ත සෙබස්තියන් විදුහලේ නායකයා ලෙස සුඛිත ප්‍රසන්නත් උප නායකයා ලෙස කලණ සන්දීපත් කටයුතු කරති.

ඡායාරූප - මොරටුව ක්‍රීඩා

නව අදහස දක්වන්න