මුතුරාජවෙල මායිම් ලකුණු කිරීමේ ප්‍රගති වාර්තාවක් දෙන්නැයි නියෝග | දිනමිණ

මුතුරාජවෙල මායිම් ලකුණු කිරීමේ ප්‍රගති වාර්තාවක් දෙන්නැයි නියෝග

නෙල්කා මැදගෙදර

මුතුරාජවෙල අභය භූමියේ මායිම් ලකුණු කිරීම සම්බන්ධයෙන් වන ප්‍රගතිය පිළිබඳ වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කරන ලෙස වන ජීවි අධ්‍යක්ෂ ජෙනරාල්වරයාට අභියාචනාධිකරණය ඊයේ (13) නියම කළේය. එම කටයුතු කිරීමේදී අති වන අපහසුතා හෝ බාධා තිබේ නම් ඒ පිළිබඳ එම වාර්තාව මඟින් දැනුම් දෙන ලෙස තවදුරටත් නියම විය.

මුතුරාජවෙල අභය භූමිය හා තෙත්බිම් කලාපය තුළ වන නීති විරෝධි ඉදි කිරීම් හා සංවර්ධන කටයුතු සහ කැළි කසළ බැහැර කිරීම අත්හිටුවීමේ නියෝගයක් නිකුත් කරන මෙන් ඉල්ලා කාදිනල් මැල්කම් රංජිත් කොළඹ අගරදගුරුතුමන් සහ පරිසර යුක්ති කේන්ද්‍රය ගොනු කළ පෙත්සම් කැඳවූ අවස්ථාවේදී අභියාචනාධිකරණය මේ නියෝගය කළේය.

සෝභිත රාජකරුණා සහ ධම්මික ගනේපොල යන අභියාචනාධිකරණ විනිසුරු මඬුල්ල හමුවේ මේ පෙත්සම් කැඳවනු ලැබිණි. පෙත්සම ලබන මාර්තු මස 4 දා නැවත කැඳවීමට තීරණය විය.

නව අදහස දක්වන්න