වෑන් රථයක අලියෙකු ගැටී වෑන් රථයට හානි | දිනමිණ

වෑන් රථයක අලියෙකු ගැටී වෑන් රථයට හානි

වැල්ලවාය ඇතිලිවැව සිට කුරුණැගල බලා කුලි ගමනයක් යමින් තිබු වෑන් රථයක අලියෙකු ගැටිමෙන් වැල්ලවාය තණමල්වල මාර්ගයේ තෙලුල්ල 38 නළ ලිඳ ආසන්න ප්‍රෙද්ශයේදී වෑන් රථයට දැඩි අලාභ හානි සිදුවී තිබේ .

අද (14) අලුයම පහයි විස්සට පමණ මෙම අනතුර සිදුවි ඇති අතර එහි සිරවි සිටි රියදුරු බේරා ගැනිමට ප්‍රදේශවාසින් දැඩි පරිශ්‍රමයක් දැරු අතර තුවාල ලබා සිටි ඇතිලිවැව පදිංචි රියදුරු හා ඉදිරිපස අසුනේ සිටි වයස්ගත පුද්ගලයෙකු රෝහල් ගත කිරිමට ප්‍රදේශවාසීන් කඩිනමින් කටයුතු කර ඇත.

අනතුරට පත්වුවන් බේරාගැනිම සඳහා ඉදිරිපත්වු ඒ ආසන්නයේ පදිංචි ටි තිලකසිරි මහතා මෙසේ කියා සිටියේය.

එතකොට වෙලාව උදේ පාන්දර පහට පහයි විස්සට විතර එක සැරේටම ඩොල් ගාලා සද්දයක් පාර පැත්තෙන් ඇහුනා මම හිතුවේ නින්ද ගිහින් වාහනයක්වත් ගහක වදින්න ඇති නැත්නම් අලියගේ ඇගේ වාහනයක් වදින්න ඇති කියලා . මම දුවගෙන ආවා . එතකොට වෑන් එකක් අලියෙක්ගේ ඇඟේ වැදිලා. වැටිලා හිටපු අලියා නැගිටලා දිව්වා .වාහනේ රියදුරු හිරවෙලා හිටියේ .පිටිපස්සේ දොර ඇරලා කටිටිය ටික ගත්තා. අපි තුන් හතරදෙනෙක් එකතුවෙලා අලවංගුවක් ගෙනල්ලා හිරවෙලා හිටපු රියදුරු එලියට ගත්තා .එයාගේ ඇහැකටයි අතකයි තුවාල තිබුනා . ඒ අයව රෝහලට යැව්වා . වාහනේ පොලිසියට ගෙනිච්චා . මේ හරියෙන් නිතරම අලි මාරුවෙනවා යැයි කියාසිටියේය.

(වැල්ලවාය විශේෂ ජී අයි ආර් ගරුසිංහ)

නව අදහස දක්වන්න