ශ්‍රී ලංකාවෙන් තවත් ඔමික්‍රොන් ආසාදිතයන් 160ක් | දිනමිණ

ශ්‍රී ලංකාවෙන් තවත් ඔමික්‍රොන් ආසාදිතයන් 160ක්

ඔමික්‍රෝන් කොවිඩ් ප්‍රභේදය ආසාදිතයින් තවත් 160 දෙනෙකු ශ්‍රී ලංකාවෙන් වාර්තා වී ඇතැයි ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ආසාත්මිකතා, ප්‍රතිශක්ති විද්‍යා හා සෛල ජෛව විද්‍යා ආයතනයේ අධ්‍යක්ෂ ආචාර්ය චන්දිම ජීවන්දර මහතා සදහන් කරයි.
 
කොවිඩ් වෛරසය ආසාදිතයන්ගෙන් ලබාගත් ජෛව සාම්පල 182 ක් පරික්ෂා කිරීමේදී මෙම ආසාදිතයන් හඳුනාගෙන තිබේ. එම සාම්පලවලින් බහුතරයක් කටුනායක ගුවන්තොටුපොළේදී ලබාගත් දිවයිනට පැමිණි ගුවන් මගීන්ගෙන් ලබාගත් සාම්පල් වේ.
 
අදාල සාම්පල පිළිබඳ වාර්තාව අද(15) දිනයේදී සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා වෙත භාරදීමට නියමිතය.
 
මීට පෙර ද ඔමික්‍රෝන් ප්‍රභේදය ආසාදිතයන් 45 දෙනෙකු ශ්‍රී ලංකාවෙන් වාර්තා විය. එම සියලූ ආසාදිතයන් හඳුනාගනු ලැබූවේද ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයේදී සිදුකළ සාම්පල පරීක්ෂණ හරහාය.
 
ඒ අනුව මෙරටින් මේ දක්වා හඳුනාගෙන ඇති ඔමික්‍රෝන් ප්‍රභේදය ආසාදනය වූ පුද්ගලයින් සංඛ්‍යාව 208 ක් දක්වා ඉහළ ගොස් තිබේ.

නව අදහස දක්වන්න