Saegis Campus සිසුන්ට පොලී රහිත ණය සහ ක්ෂේත්‍ර පුහුණු අවස්ථා | දිනමිණ

Saegis Campus සිසුන්ට පොලී රහිත ණය සහ ක්ෂේත්‍ර පුහුණු අවස්ථා

උසස් අධ්‍යාපනය හදාරන විද්‍යාර්ථීන්ට රැකියා ලෝකය තුළ සැබෑ අත්දැකීම් පිරිනැමීම අරමුණු කර ගනිමින් ඔවුන්ට සිය විෂය ක්ෂේත්‍රය තුළ කර්මාන්ත පුහුණු අවස්ථා දීමට Saegis Campus පියවර ගෙන තිබේ. ඒ අනුව අධ්‍යාපන අමාත්‍යාංශයේ අනුමැතිය ලත් එමෙන්ම පොලී රහිත ශිෂ්‍ය ණය පහසුකම හිමි වන Saegis Campus උපාධි පාඨමාලා හදාරන සිසුන්ට තරගකාරි රැකියා ලෝකයට සරිලන ලෙස තම නිපුණතා සහ හැකියා සංවර්ධනය කර ගැනීමේ වටිනා අවස්ථාවක් උදා වී ඇත.

කොළඹ පිහිටි ප්‍රමුඛතම උසස් අධ්‍යාපන ආයතනයක් වන Saegis Campus තම විද්‍යාර්ථීන්ට කර්මාන්ත පුහුණු අවස්ථා හිමි කර දීම පිළිබඳ යොමු කර ඇත්තේ විශාල අවධානයකි. ඊට ප්‍රධාන හේතුව වන්නේ උසස් අධ්‍යාපනය ලබන අතරතුර කර්මාන්ත පුහුණුව ලැබීම තුළින් සිසුන්ට හිමි වන අත්දැකීම්වල වැදගත්කම, කලාපීය සහ ගෝලීය රැකියා සමීක්ෂණ ඇසුරින් ද තහවුරු වී තිබීමය. එනම් මේ කර්මාන්ත පුහුණු අවස්ථා හරහා සැබෑ රැකියා ලෝකයේ අත්දැකීම් ලබා ගන්නා අතරම, තමන් අපේක්ෂා කරන අනාගත වෘත්තිය පිළිබඳ වඩාත් හොඳින් අවබෝධ කර ගැනීමේ අවස්ථාවක් සිසුන්ට උදා වේ.

SLT-Mobitel, DirectPay, PayMedia, Epic Technology Group, Royal Ceramic Lanka PLC, Prosoft, Manjari, Revo වැනි මෙරට ප්‍රමුඛ පෙළේ ආයතනවල Saegis Campus සිසුන්ට මෙසේ කර්මාන්ත පුහුණු අවස්ථා ලබා ගත හැක.

මෙසේ තම උපාධිය සම්පූර්ණ කිරීමට ද පෙර වටිනා ප්‍රතිලාභ රැසක් අත්විඳීමට Saegis Campus සිසුන්ට හැකි වේ. වෘත්තීය සබඳතා නිර්මාණය කර ගැනීම, අන්තර්පුද්ගල කුසලතා දියුණු කර ගැනීම, විවිධ අභියෝග හා දුෂ්කර අවස්ථාවලට මුහුණදීම, තම ශක්තීන් සහ දුබලතා හඳුනා ගැනීම මෙන්ම අදාළ වෘත්තිය තමන්ට ගැළපේද යන්න තීරණය කර ගැනීම වැනි බොහෝ ප්‍රතිලාභ ඉන් සැලසේ. ඊට අමතරව සේවායෝජකයන්ට තම අනාගත රැකියා අවස්ථා සඳහා සුදුසු වෘත්තිකයන් තෝරා ගැනීමට මේ කර්මාන්ත පුහුණුව හරහා ඉඩ විවර වේ.

 

නව අදහස දක්වන්න