DPMC වර්ක්ෂොප් මඩපාත වෙළෙඳ වාහන සේවා අරඹයි | දිනමිණ

DPMC වර්ක්ෂොප් මඩපාත වෙළෙඳ වාහන සේවා අරඹයි

තවත් එක් සන්ධිස්ථානයක් සලකුණු කරමින් මෙරට ප්‍රමුඛතම මෝටර් සමාගම වන ඩේවිඩ් පීරිස් මෝටර් කම්පැනි (ප්‍රයිවට්) ලිමිටඩ් පසුගිය දා DPMC වර්ක්ෂොප් මඩපාත පරිශ්‍රයේදී නඩත්තු සහ අලුත්වැඩියා සදහා ‘වෙළෙඳ වාහන පහසුකම‘ විවෘත කළේය. ඒ අනුව DPMC වර්ක්ෂොප් මඩපාත දැන් මිනි කැබ්ස්, බඩි ලොරි, බස්, සිංගල් / ඩබල් කැබ්ස්, ෆ්‍රීසර් ලොරි, ටිපර්, කන්ටේනර් සහ ප්‍රයිම් මුවර් ඇතුළු සියලු වෙළෙඳ වාහන සේවා සහ අලුත්වැඩියාවන් සඳහා බාර ගැනීම කරයි.

ඩේවිඩ් පීරිස් සමූහ ව්‍යාපාරයේ සමූහ සභාපති සහ කළමනාකාර අධ්‍යක්ෂ රෝහණ දිසානායක මහතා විසින් DPMC වර්ක්ෂොප් මඩපාත ‘වෙළෙඳ වාහන පහසුකම‘ විවෘත කරන ලද අතර, කොවිඩ්-19 සෞඛ්‍ය මාර්ගෝපදේශයන්ට අනුගතව පැවති මේ සරල උත්සවයට සමූහයේ ප්‍රධාන නිලධාරීන් සහභාගි වූහ.

ඩේවිඩ් පීරිස් මෝටර් කම්පැනි (ප්‍රයිවට්) ලිමිටඩ්හි 28 වැනි සංවත්සරය සමරමින් කේක් කැපීමක් ද මෙදින උත්සව අවස්ථාවට ඇතුළත් විය.

නව පහසුකම පිළිබඳ අදහස් දක්වමින් ඩේවිඩ් පීරිස් මෝටර් කම්පැනි (ප්‍රයිවට්) ලිමිටඩ්හි නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි (සේවා) චන්න රණවක මහතා‍ මෙසේ පැවසීය. “බජාජ් වාහනවලට අමතරව සියලු වර්ගයේ කාර් සහ SUV රථ සේවා සහ අලුත්වැඩියා DPMC වර්ක්ෂොප් මඩපාත පරිශ්‍රයේ ආරම්භ කර සාර්ථකව කරනවා. DPMC වර්ක්ෂොප් පුළුල් කිරීමේ උපාය මාර්ගයේ කොටසක් ලෙස වෙළෙඳ වාහනවලට ද අපගේ ප්‍රවීණත්වය දීමට හැකිවීම ගැන අපි සතුටු වෙනවා”

තවදුරටත් රණවක මහතා පැවසුවේ වෙළෙද වාහන නඩත්තු, නිතිපතා සේවා, එදිනෙදා අලුත්වැඩියාවන්, ටින්කර් සහ පේන්ට්, අනතුරු අලුත්වැඩියා, සස්පෙන්ෂන්, වායු සමීකරණ අලුත්වැඩියා, ඉලෙක්ට්‍රිකල් සහ ඉලෙක්ට්‍රොනික් අලුත්වැඩියාවන්, ග්‍රීස් ගැසීම, එන්ජින් රෙපෙයාර්, ඉන්ධන පද්ධතියේ සහ ගියර් බොක්ස් අලුත්වැඩියාවන් මෙන්ම සේදීම සහ ඇතුළත පිරිසුදු කිරීම DPMC වර්ක්ෂොප් මඩපාත පරිශ්‍රයේ සිදු කරන බවයි.

 

නව අදහස දක්වන්න