නෙට්සිස් සොලූෂන්ස් SABE සම්මාන දිනයි | දිනමිණ

නෙට්සිස් සොලූෂන්ස් SABE සම්මාන දිනයි

ශ්‍රී ලංකාවේ පද්ධති සංකලනයේ ප්‍රමුඛයකු වන සීමාසහිත නෙට්සිස් සොලූෂන්ස් (පෞද්ගලික) සමාගම දකුණු ආසියානු ව්‍යාපාර විශිෂ්ටතා සම්මාන උලෙළේදී (SABEA) වසරේ නැඟී එන තොරතුරු තාක්ෂණ සමාගමට හිමි විශිෂ්ටතා සම්මානයෙන් පිදුම් ලැබීය. සම්මාන උලෙළ හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි. “නෙට්සිස්හි සියලු දෙනා කණ්ඩායමක් වශයෙන් කළ කැපවීම නිසා නොවන්නට මෙවැනි සම්මානයක් ලැබීම සිහිනයක් පමණයි. නෙට්සිස් සමාගමේ සේවයේ නියුතු සියලු දෙනාට මාගේ කෘතඥතාව පුද කරනවා.” නෙට්සිස් සොලූෂන්ස් ප්‍රධාන විධායක නිලධාරි තුසිත අල්විස් මහතා පැවසීය.

ව්‍යුහගත කේබල් ජාලකරණයෙන් ව්‍යාපාර ගමන ඇරැඹූ නෙට්සිස් සොලූෂන්ස් සමාගම කෙටි කාලයකින් තරු පන්තියේ හෝටල්, බැංකු, රජයේ ආයතන හා විදුලි සංදේශ ආයතන ඇතුළු දැවැන්ත සමාගම් රැසකට සේවා සපයමින් පාරිභෝගික විශ්වාසය ඉහළින්ම දිනා ගත්තේය. ව්‍යුහගත කේබල් විසඳුම් සඳහා සහතික ලත් පළපුරුදු විශේෂඥයන්ගෙන් සමන්විත කණ්ඩායමක් නෙට්සිස් සතුය. නවතම තාක්ෂණික විසඳුම් සැපයීමට උනන්දු වන නෙට්සිස් අලුත්ම තාක්ෂණික මෙවලම් සඳහා මෙන්ම කාර්ය මණ්ඩලයේ සුදුසුකම් හා ප්‍රවීණත්වය නැංවීමට ද ආයෝජනය කර ඇත. පරිභෝගිකයන්ගේ අවශ්‍යතා සම්පූර්ණ කිරීමට වැදගත් වන සාර්ථක යෙදවුම් සම්පූර්ණ කිරීමෙන් පසුව නිර්මාණය, සැලසුම්, බෙදා හැරීම් සහ පසු විකූණුම් සහාය සපයමින් Netsys කණ්ඩායම කාර්යක්ෂම සහ තෘප්තිමත් සේවයක් පාරිභෝගිකයන්ට පිරිනමයි. SD WAN විසඳුම් පිළිබඳ අත්දැකීම් සහ පළපුරුද්ද සහිත Netsys කණ්ඩායම එම විසඳුම් පාරිභෝගිකයාට සැපයීමේදී ශාඛා ජාලයේ පිරිවැය අඩු කරමින්, සමස්ථ ශාඛා ජාල කළමනාකරණය මඟින් සුවිශේෂ විකුණුම් ප්‍රස්තුතයක් ඔස්සේ වර්ධනය වෙමින් ස්ථාවරව කටයුතු කරයි.

නව අදහස දක්වන්න