නෙස්ටොමෝල්ට් බුද්ධි ප්‍රබෝධය උ/පෙළ සිසුන්ට අත්වැලක් සපයයි | දිනමිණ

නෙස්ටොමෝල්ට් බුද්ධි ප්‍රබෝධය උ/පෙළ සිසුන්ට අත්වැලක් සපයයි

නෙස්ලේ නෙස්ටොමෝල්ට් මඟින් සංවිධාන කරනු ලබන බුද්ධි ප්‍රබෝධය වෙබ් සම්මන්ත්‍රණ මාලාව අඛණ්ඩව දෙවැනි වසරටත් අරඹා තිබේ. ඒ අ.පො.ස. උසස් පෙළ විභාගයට මුහුණ දෙන සිසු දරු දැරියන්ගේ අධ්‍යාපන කටයුතුවලට අත්වැලක් වීමේ අරමුණෙනි. බස්නාහිර පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ මෙහෙය වීමෙන් ඉදිරිපත් කරනු ලබන මේ වැඩසටහන ඔස්සේ මේ මස 27 දා දක්වා වෙබ් සම්මන්ත්‍රණ 45ක් පැවැත්වීමට නියමිතය.

නෙස්ටොමෝල්ට් බුද්ධි ප්‍රබෝධය වැඩසටහන පළමු වරට 2019 වසරේදී ආරම්භ කෙරුණේ බස්නාහිර පළාතේ පාසල් අතර දැනුම මිනුම තරගයක් වශයෙනි. 2020 වසරේදී ශ්‍රී ලංකාව තුළ කොවිඩ්-19 ව්‍යාප්තියත් සමඟ මේ වැඩසටහන වෙබ් සම්මන්ත්‍රණයක් බවට පත් කෙරුණි. වසංගත තත්ත්වය හේතුවෙන් විවිධ බාධාවලට මුහුණ දුන් සිසුන් තම විභාග සඳහා සියයට සියයක්ම සූදානම් කිරීම එහි අභිප්‍රාය විය.

‘‘අ.පො.ස. උසස් පෙළ විභාගයට පෙනී සිටින දරුවන්ගේ අධ්‍යාපනයට දෙන අත්වැලක් වශයෙන් අඛණ්ඩව මේ නෙස්ටොමෝල්ට් බුද්ධි ප්‍රබෝධය වැඩසටහනට දායක වීමට ලැබීම අපට සතුටකි. අපගේ තරුණ පරම්පරාවට සාර්ථක වීමට සහාය දිය යුතු බව අපි දැඩි ලෙස විශ්වාස කරන්නෙමු. විශේෂයෙන්ම කොවිඩ් වසංගත තත්ත්වයෙන් අධ්‍යාපනයට බාධා එල්ලවී ඇති පසුබිමක මේ වෙබ් සම්මන්ත්‍රණ මාලාවෙන් නිසි ප්‍රයෝජන ගැනීමට අපි සිසුන්ට ආරාධනා කරන්නෙමු‘‘ යනුවෙන් මේ පිළිබඳ අදහස් දක්වමින් බස්නාහිර පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂ පී. ශ්‍රීලාල් නෝනිස් මහතා ප්‍රකාශ කළේය.

‘‘ගෙවුණු වසර ගණනාව පුරාවට පරම්පරා ගණනාවක් තිස්සේ ශ්‍රී ලාංකික පවුල්වලට තම ජීවිත අරමුණු සහ සාර්ථකත්වය කරා හඹා යෑමට නෙස්ටොමෝල්ට් සහාය වී තිබේ. ශ්‍රී ලංකාවේ අධ්‍යාපනයට සහාය දැක්වීමට ලැබීමත්, දිවයිනේ දක්ෂතම ගුරුවරුන් සහ දේශකයන් සමඟ එක්ව සිසු දරුවන්ට සිය ජීවිතයේ වැදගත් කඩයිමකට මුහුණ දීම සඳහා සූදානම් කිරීමට හැකිවීමත් අප ලද වරප්‍රසාදයක් ලෙස සලකනවා‘‘ යනුවෙන් නෙස්ලේ ලංකා සමාගමේ උප සභාපති - කිරි ආහාර නිෂ්පාදන, රුවන් වැලිකල මහතා පැවසීය.

 

නව අදහස දක්වන්න