ඒජන්තවරියගේ කතාව චීනය ප්‍රතික්ෂේප කරයි | දිනමිණ

ඒජන්තවරියගේ කතාව චීනය ප්‍රතික්ෂේප කරයි

බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට බලපෑම් කරමින් එරට රාජ්‍ය පාලනය තුළ චීන ආධිපත්‍යය පතුරුවාලීමට ඒජන්තවරියක ලෙස චීන සම්භවයක් සහිත බ්‍රිතාන්‍ය කාන්තාවක යොදවා ඇතැයි බ්‍රිතාන්‍ය බුද්ධි සේවාවක් වන එම්අයි5 ඒජන්සිය විසින් පෙරේදා නිකුත් කළ වාර්තාව මුළුමනින්ම ප්‍රතික්ෂේප කරන බව චීනය පවසයි.

චීන කොමියුනිස්ට් පක්ෂයේ අවශ්‍යතාව මත බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවේ ඇතැම් මන්ත්‍රීවරුන් මුදලට ගැනීම ක්‍රිස්ටීන් චිං කුයි ලී නමැති නීතිඥවරිය භාවිත කරන බවට එම්අයි5 බුද්ධි ඒජන්සිය පෙරේදා එරට පාර්ලිමේන්තුවේ කතානායකවරයාට අනතුරු ඇඟවීමේ වාර්තාවක් සපයා තිබිණි.

අදාළ බුද්ධි ඒජන්සිය බ්‍රිතාන්‍ය තුළ සිටින චීන ජාතිකයන් බිය ගැන්වීමට උත්සාහ කරන බවට ලන්ඩන් නුවර චීන තානාපති කාර්යාලය චෝදනා කර ඇත. නිවේදනයක් නිකුත් කරමින් චීන තානාපති කාර්යාලයේ ප්‍රකාශකයකු සඳහන් කර ඇත්තේ සෙසු රටවල අභ්‍යන්තර කටයුතුවලට මැදිහත් නොවීම චීනයේ ප්‍රධානතම විදේශ ප්‍රතිපත්තිය බවය.

 

නව අදහස දක්වන්න