මීරිගම - කුරුණෑගල අධිවේගයෙන් වාර්තාගත ආදායමක් | දිනමිණ

මීරිගම - කුරුණෑගල අධිවේගයෙන් වාර්තාගත ආදායමක්

මීරිගම - කුරුණෑගල අධිවේගී මාර්ගයෙන් පැය 12ක් ඇතුළත වාර්තාගත ආදායමක් ලැබී තිබේ.
 
ඒ අනුව ඊයේ(16) දහවල් 12.00 සිට රාත්‍රී 12.00 දක්වා ඉපැයූ ආදායම රුපියල් විසිඅට ලක්‍ෂයකට අධිකය.
 
මධ්‍යම අධිවේගී මාර්ගයේ දෙවැනි අදියරේ මීරිගම - කුරුණෑගල කොටස ඉකුත් 15වනදා ජනතා අයිතියට පත් කෙරුණි. එම කාලසීමාව තුළ අධිවේගී මාර්ගයේ ගමන් ගත් වාහන සංඛ්‍යාව 13,583කි.
 
මීරිගම සිට කුරුණෑගල ගැට්ටුවාන පිවිසුම දක්වාත්, ගැට්ටුවාන සිට මීරිගම දක්වාත් ජනතාවට පසුගිය සෙනසුරාදා රාත්‍රියේ සිට ඊයේ දහවල් 12.00 දක්වා නොමිලයේ ගමන් කිරීමට අවසර ලබා දී තිබුනි.   

නව අදහස දක්වන්න