නැගෙනහිර සංචාරක කර්මාන්තය දියුණුවට තරික් සාමිවරයාගේ සහාය | දිනමිණ

නැගෙනහිර සංචාරක කර්මාන්තය දියුණුවට තරික් සාමිවරයාගේ සහාය

නැගෙනහිර පළාතේ සංචාරක කර්මාන්තය දියුණු කිරීමට අදාළ සහාය ලබා දෙන බව එක්සත් රාජධානියේ දකුණු ආසියානු හා පොදු රාජ්‍ය මණ්ඩලීය කටයුතු රාජ්‍ය අමාත්‍ය තරික් අහමඩ් සාමිවරයා පවසයි.
 
ශ්‍රී ලංකාවට පැමිණ සිටින අමාත්‍ය තරික් අහමඩ් සාමිවරයා සහ නැගෙනහිර පළාත් ආණ්ඩුකාර අනුරාධා යහම්පත් මහත්මිය අතර විශේෂ හමුවක් ඊයේ(19) ත්‍රිකුණාමලය පිහිටි ආණ්ඩුකාර ලේකම් කාර්යාලයේදි පැවැත්විණි.
 
දින තුනක කාලයක් මෙරට රැදී සිටින රාජ්‍ය අමාත්‍යවරයා, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ සහ මුදල් අමාත්‍යංශ බැසිල් රාජපක්ෂ යන මහත්වරුන් සමගද සාකච්ඡා කර ශ්‍රී ලංකාව සමග පවතින සහයෝගිතාවය ශක්තිමත් කිරීමේ අපේක්ෂාවෙන් දිවයිනට පැමිණ තිබේ.
 
අධ්‍යාපනය සඳහා ශ්‍රී  ලංකාවෙන් එක්සත් රාජධානිය බලා පිටත් වන සිසුන්ගේ ප්‍රමාණය වැඩි කිරීමට අවශ්‍ය කටයුතු සිදු කරන බවද ඔහු පැවසීය. 
 
මෙහිදි අදහස් දැක්වූ අනුරාධා යහම්පත් මහත්මිය කියා සිටියේ තිස් වසරක් පුරා පැවති යුධමය වාතාවරණය නිසා යම්යම් අසාධාරණයන්ට ලක් වූ ජනතාවගේ ගැටළු සොයා බැලීම සදහා තමන් මෙම තනතුරට පත් වු පසු විශේෂ කොමිසමක් පත් කළ බවයි.
 
එහි වාර්තාව මේ වනවිට නිකුත් කර ඇති බවත් එම කොමිසමෙන් ලබා දි ඇති නිර්දේශ මත ජනතාවට සහන සැලසීමේ කටයුතු මේ වනවිට ආරම්භ කර ඇති බවත් ආණ්ඩුකාරවරිය වැඩිදුරටත් කීවාය.
 
මේ අවස්ථාවට ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍ය මහකොමසාරිස් සාරා හුල්ටන්, ආණ්ඩුකාර ලේකම් එල්.පී. මදනායක, සහකාර ලේකම් ඒ.ජී.දේවේන්ද්‍රන්, ආණ්ඩුකාර පෞද්ගලික ලේකම් සාලුක දිනේන්ද්‍ර මහතා ඇතුළු පිරිසක් එක්ව සිටියහ.
 
 

නව අදහස දක්වන්න