රුසියාවට සම්බාධක පනවන බවට බ්‍රිතාන්‍යයෙන් අනතුරු හඟවයි | දිනමිණ

රුසියාවට සම්බාධක පනවන බවට බ්‍රිතාන්‍යයෙන් අනතුරු හඟවයි

රුසියාවට ඉදිරියේ දී දැඩි සම්බාධකවලට මුහුණදීමට සිදු වනු ඇතැයි බ්‍රිතාන්‍ය අනතුරු අඟවා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
 
යුක්රේනය තුළ රුසියාවට අවශ්‍ය පාලනයක් ඇති කිරීමට උත්සාහ කළහොත් බ්‍රිතාන්‍ය විසින් මෙලෙස සම්බාධක පැනවීමට සූදානම් බව එරට ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරයෙකු උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරයි
 
යුක්රේනයේ රුසියානු හිතවාදී නායකයෙකු ස්ථාපිත කිරීම සඳහා ජනපති පුටින් කුමන්ත්‍රණයක නිරත වන බවට ද බටහිර කඳවුර පසුගියදා චෝදනා එල්ල කලේය
 

නව අදහස දක්වන්න