මහවැලි ගඟට අයිති රක්ෂිත කලාපය සලකුණු කිරීමට පියවර | දිනමිණ

මහවැලි ගඟට අයිති රක්ෂිත කලාපය සලකුණු කිරීමට පියවර

මහනුවර මහවැලි ගඟට අයත් රක්ෂිත කලාපය වහාම සළකුණු කිරීමට හා මහවැලි ගඟෙහි ඉදි කර තිබු හෝටලයක් වහාම රජයට පවරා ගැනීමට පරිසර ඇමැති මහින්ද අමරවීර මහතා උපදෙස් ලබා දී ඇත.

මහනුවර නගරය අසළින් ගලා බසින මහවැලි ගඟ ආශ්‍රිතව සිදුවන පාරිසරික විනාශය නිරීක්ෂණය කිරීම සඳහා පරිසර ඇමැති මහින්ද අමරවීර මහතා පසුගිය සෙනසුරාදා (22) ගැටඹේ, පේරාදෙණිය ඇතුළු ස්ථාන කිහිපයක නිරීක්ෂණ චාරිකාවක නිරත වීමෙන් පසු මේ උපදෙස් ලබා දී තිබේ.

එම නිරීක්ෂණ චාරිකාවට පාර්ලිමේන්තු මන්ත්‍රී වසන්ත යාපා බණ්ඩාර මහතා මෙන්ම නාගරික සංවර්ධන අධිකාරිය, මහවැලි අධිකාරිය, මහනුවර නගර සභාව, මධ්‍යම පරිසර අධිකාරිය, වාරිමාර්ග දෙපාර්තමේන්තුව හා මහනුවර ප්‍රාදේශීය ලේකම් කාර්යාලය මෙන්ම පරිසර අමාත්‍යාංශයේ නිලධාරින් ද සහභාගි වූහ.

බුද්ධිකා ඉඹුලාන

නව අදහස දක්වන්න