බ්‍රිගේ­ඩි­යර් නාමල් බණ්ඩා­රගේ මව අභා­ව­ප්‍රාප්ත වෙයි | දිනමිණ

බ්‍රිගේ­ඩි­යර් නාමල් බණ්ඩා­රගේ මව අභා­ව­ප්‍රාප්ත වෙයි

ජය­මා­ල­පුර, ගම්පොල ලිපි­නයේ පදිං­චිව සිටි එම්. ජී. ප්‍රේම­වතී මහ­ත්මිය අභා­ව­ප්‍රාප්ත වූවාය. ප්‍රේම­වතී මහ­ත්මිය මිය යන විට අසූ­වැනි වියේ පසු වූ අතර ඇය විශ්‍රා­මික පරි­පා­ලන පවුල් සෞඛ්‍ය නිල­ධා­රි­නි­යකි. ප්‍රේම­වතී මහ­ත්මිය 1965දී පවුල් සෞඛ්‍ය සේවි­කා­වක් ලෙස රාජ­කාරි කට­යුතු අරඹා වසර 37ක සේවා කාල­යක් සම්පූර්ණ කර ඇත.

එම්. ජී. ගුණ­පාල මහතා ඇගේ ස්වාමි­පු­රු­ෂයා වන අතර පුත­ණු­වන් බ්‍රිගේ­ඩි­යර් නාමල් බණ්ඩා­රය. නිමාලි රත්සරා සහ හර්ෂණී ගුණ­ව­ර්ධන යන අය ප්‍රේම­වතී මහ­ත්මි­යගේ දිය­ණි­යන් වන අතර දේහය පිළි­බඳ අව­සන් කට­යුතු අද (19) සවස 4.00ට ගම්පොළ පොදු සුසාන භූමි­යේදී සිදු කිරී­මට නිය­මි­තය.

නව අදහස දක්වන්න