මරණයකින් අවසන් වූ ඉන්ධන පිරවුම්හල් ගැටුම | දිනමිණ

මරණයකින් අවසන් වූ ඉන්ධන පිරවුම්හල් ගැටුම

නිට්ටඹුව පොලිස් වසමේ හොරගොල්ල ඉන්ධන පිරවුම්හල අසලදී තියුණු ආයුධයකින් පහරදී පුද්ගලයෙකු ඝාතනය කර ඇති බව පොලිස් මාධ්‍ය කාර්යාලය නිවේදනය කරයි.
 
ඊයේ (20) රාත්‍රි කාලයේදී එම ඝාතනය වාර්තා වී ඇත
 
ඉන්ධන ලබාගැනීමට පැමිණි යතුරුපැදිකරුවෙකු හා ත්‍රිරෝද රථ රියදුරෙකු අතර ආරවුලක් දුර දිග යෑමෙන් මෙම මරණය සිදු වී ඇත
 
ත්‍රිරෝද රථ රියදුරු ඉන්ධන ලබා ගෙන රථය ඉදිරියට ධාවනය කිරීමෙන් පසුව අදාළ ආරවුල ඇති කරගත් යතුරුපැදිකරු විසින් තියුණු ආයුධයකින් පහර දී බරපතල තුවාල සිදු කර ඇත
 
අනතුරුව තුවාලකරුව වතුපිටිවල රෝහල ඇතුළත් කර ප්‍රථිකාර ලබමින් සිටියදී මියගොස් ඇති බව පොලීසිය පවසයි.
 
මෙලෙස මියගොස් ඇත්තේ, 28 හැවිරිදි කොළඹ 14 ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
 
ඝාතනය සිදුකළ සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා නිට්ටඹුව පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.
 
 
 

නව අදහස දක්වන්න