චීනය යළි ලොක්ඩවුන් කෙරේ | දිනමිණ

චීනය යළි ලොක්ඩවුන් කෙරේ

චීනයේ ප්‍රධාන වාණිජ නගරය වන ෂැංහයි නගරය අදියර 02 ක් යටතේ ලොක්ඩවුන් කිරීම ආරම්භ කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
 
 කොවිඩ් ආසාදිතයින් කිහිප දෙනෙකු හමුවීමත් සමඟ මිලියන 25 කට ආසන්න පිරිසක් සිටින  ෂැංහයි නගරයේ සැළිකිය යුතු පිරිසක් කොවිඩ් පරීක්ෂණවලට ලක් කිරීමටද පියවර ඇත.
 
අද (28) සිට අප්‍රේල් පළමුවනදා දක්වා ෂැංහයි නගරයේ නැගෙනහිර කොටස්ද, අප්‍රේල් පළමුවනදා සිට 05 වනදා දක්වා බටහිර කොටස්ද මෙලෙස ලොක්ඩවුන් කිරීමට නියමිතයි.
 
මෙම ලොක්ඩවුන් කිරීම හමුවේ සියලු පොදු ප්‍රවාහන සේවා අත්හිටුවෙන අතර කම්හල් සහ කාර්යාලවල මෙහෙයුම් කටයුතු ද නතර කළ යුතුව ඇත.

නව අදහස දක්වන්න