ඇඳිරි නීතිය කඩ කළ බස්නාහිර 664ක් අත්අඩංගුවට | දිනමිණ

ඇඳිරි නීතිය කඩ කළ බස්නාහිර 664ක් අත්අඩංගුවට

රජය මගින් ප්‍රකාශයට පත් කළ ඇඳිරි නීතිය කඩ කළ 664 දෙනකු බස්නාහිර පළාතේදී අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ තල්දූව මහතා ‘දිනමිණ‘ට පැවසීය.

පෙරේදා (02) රාත්‍රී 10 සිට ඊයේ (03) අලුයම 6 දක්වා අතර කාලය තුළ මේ පිරිස අත්අඩංගුවට ගත් බව නිහාල් තල්දූව මහතා වැඩිදුරටත් පැවැසීය.

රාජකාරි සේවා නිම කළ පිරිස පරීක්ෂා කිරීමෙන් අනතුරුව මුදා හළ බව කියා සිටි ඒ මහතා කිසිදු හේතුවක් නොමැතිව මංමාවත්වල සැරිසරමින් සිටි පිරිස් මෙලෙස අත්අඩංගුවට ගත් බවත් ඔවුන්ගේ ප්‍රකාශ සටහන් කරගැනීමෙන් අනතුරුව අවවාද කර පොලිස් ඇප මත මුදා හැරීමට කටයුතු කරන බවත් කීවේය.

සුභාෂිණි සේනානායක සහ රක්ෂණ ශ්‍රියන්ත

නව අදහස දක්වන්න