පූර්ණ එන්නත්කරණය ගැන නවතම අධ්‍යනයකින් හමුවූ දේ | දිනමිණ

පූර්ණ එන්නත්කරණය ගැන නවතම අධ්‍යනයකින් හමුවූ දේ

පූර්ණ එන්නත්කරණයට ලක්වූ පුද්ගලයෙකුට කොවිඩ් වෛරසයේ ඔමික්‍රෝන් ප්‍ර‍‍‍‍‍භේදය ආසාදනය වුවහොත් ඔහු හෝ ඇය සුව වීමේ වේගය, ඩෙල්ටා ප්‍රභේදය ආසාදිතයෙකුට සාපේක්‍ෂව ඉහළ බව නවතම අධ්‍යයනයකින් හෙළිව තිබේ.
 
එමගින් තහවුරු වී ඇත්තේ ඩෙල්ටා ප්‍රභේදය ආසාදිතයෙකුට වඩා දින 03ක් කලින් ඔමික්‍රෝන් ආසාදිතයෙකු සුවය ලබන බවය. මේ සදහා රෝගියා එන්නත් මාත්‍රා ද්විත්වය සහ බූස්ටර් මාත්‍රාව ලබා තිබීම අනිවාර්ය වේ.
 
ඔමික්‍රෝන් ප්‍ර‍භේදයේ පැතිරීම වේගවත් වුවද, ඩෙල්ටා ප්‍ර‍භේද ඊට සාපේක්‍ෂව අඩු ව්‍යාප්තියක් පෙන්නුම් කරයි. 
 
කෙසේ නමුත් ඩෙල්ටා ප්‍ර‍භේදයෙන් ඇතිවන සංකූලතා ඔමික්‍රෝන් ප්‍ර‍භේදයට සාපේක්‍ෂව ඉතා ඉහළ බව සෞඛ්‍ය අංශ පෙන්වා දී ඇත.

නව අදහස දක්වන්න