ට්විටර් සමාගමේ තනි අයිතිය ලොව අංක එකේ ධනවතාට | දිනමිණ

ට්විටර් සමාගමේ තනි අයිතිය ලොව අංක එකේ ධනවතාට

ලොව ධනවත්ම පුද්ගලයා ලෙස සැලකෙන අමෙරිකා ජාතික ඊලෝන් මස්ක් ලොව වඩාත්ම ජනප්‍රිය සමාජ මාධ්‍ය ජාලය වන ‘ට්විටර්‘ සමාගම මිල දී ගත් බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. ලොව පුරා මිලියන 340කට වැඩි පිරිසක් දෛනිකව කෙටි පණිවිඩ ඡායාරූප සහ වීඩියෝ පට මුදා හරිනු ලබන මේ අමෙරිකානු සමාජ මාධ්‍ය ජාලය ඔහු විසින් මිල දී ගනු ලැබුවේ අමෙරිකන් ඩොලර් බිලියන 44ක මුදලකට බව වැඩි දුරටත් වාර්තා විය.

අන්තර්ජාතික ‍ෆෝබ්ස් ශ්‍රේණිගත කිරිම්වලට සහ බ්ලූම්බර්ග් ධනවතුන්ගේ දර්ශකයට අනුව ලොව ධනවත්ම පුද්ගලයා ලෙස වාර්තාපොතට එක්වී සිටින 50 හැවිරිදි ඊලෝන් මස්ක්ගේ වත්කම අමෙරිකා ඩොලර් බිලියන 273ක් බව කියැවේ. දකුණු අප්‍රිකාවේ උපත ලැබූ ඊලෝන් මේ වන විට අමෙරිකාවේ සුප්‍රකට ටෙස්ලා මෝටර් රථ සමාගමේ ප්‍රධාන විධායක නිලධාරි ලෙස කටයුතු කරන අතර, ඔහු තවත් ඉහළ මට්ටමේ සමාගම් රැසක විවිධ නිලතල හොබවයි.

 

නව අදහස දක්වන්න