ලෝකෙටම අත්තම්මා මෙලොවින් සමු ගනී | දිනමිණ

ලෝකෙටම අත්තම්මා මෙලොවින් සමු ගනී

ලොව වයස්ගතම පුද්ගලයා ලෙස නිල වශයෙන් පිළිගැනෙන ජපාන කාන්තාව පෙරේදා මෙලොවින් සමුගත්තාය. කානේ ටනාකා නමැති ඇය මිය යන විට 119 හැවිරිදි වියෙහි පසු වූ බව වාර්තා වේ. වසර 1903 දී උපන් ටනාකා දරුවන් සිව්දෙනකුගේ මවකි. සිය ජීවිතයේ අවසන් භාගය ජපානයේ සාත්තු නිවෙසක ගෙවූ ටනාකා 19 හැවිරිදි වියේදි එරට ව්‍යාපාරිකයකු සමඟ විවාහ වූ අතර, ඔහු වසර 1937 ජපාන චීන යුද්ධයට සහභාගි වූ බවත්, ඇගේ පුත්‍රයකු දෙවැනි ලෝක මහා යුද්ධයට සහභාගි වූ බවත් ඇය විසින් පසුකාලීනව ප්‍රකාශ කර තිබිණි.

ටනාකාගේ අභාවයත් සමඟ ලොව වයස්ගතම පුද්ගලයාගේ වාර්තාවට හිමිකම් කියනු ලබන්නේ 118 හැවිරිදි ප්‍රංස ජාතික කන්‍යා සොහොයුරියක වන ලුසිල් රන්ඩොන් විසිනි.

නව අදහස දක්වන්න