ජර්මානු රාජ්‍යතාන්ත්‍රිකයෝ 40ක් රුසියාවෙන් දොට්ට | දිනමිණ

ජර්මානු රාජ්‍යතාන්ත්‍රිකයෝ 40ක් රුසියාවෙන් දොට්ට

ජර්මානු රජය රුසියානු රාජ්‍යතාන්ත්‍රිකයන් රටින් පිටුවහල් කිරීමේ සිදු වීමට ප්‍රතිචාර දැක්වීමක් ලෙස මොස්කව් නුවර රැඳී සිටි ජර්මානු රාජ්‍ය තාන්ත්‍රිකයන් 40 දෙනකු පිටුවහල් කිරීමට රුසියාව පියවර ගෙන ඇතැයි අල් ජසීරා පුවත් සේවය වාර්තා කළේය. නිවේදනයක් නිකුත් කරමින් රුසියානු විදේශ අමාත්‍යාංශය නිවේදනය කළේ මොස්කව් නුවර ජර්මානු තානාපතිවරයා කැඳවා මේ තීරණය දැනුම් දී අවශ්‍ය ලිපිලේඛන නිල වශයෙන් බාර දුන් බවය. රුසියාවේ රැඳී සිටින තවත් ජර්මානු ජාතිකයන් 100 දෙනකුට පමණ ඉදිරියේදී මේ බලපෑම එල්ල වනු ඇතැයි වාර්තා වේ.

රුසියාවේ තීරණය අපේක්ෂා කළ නමුත් එය කිසිදු ආකාරයක යුක්ති සහගත නොවන බව මේ පිළිබඳ නිවේදනයක් නිකුත් කරමින් ජර්මානු විදේශ ඇමැතිනි ඇනලේනා බෙයර්බොක් ප්‍රකාශ කර ඇත.

 

නව අදහස දක්වන්න