දශක දෙකකට පසු ඉන්දියාවෙන් ආදායම් බදු වාර්තාවක් | දිනමිණ

දශක දෙකකට පසු ඉන්දියාවෙන් ආදායම් බදු වාර්තාවක්

මාර්තු 31න් අවසන් වූ මූල්‍ය වර්ෂය ඇතුළත ඉන්දියාවේ දළ බදු ආදායම රුපියල් ට්‍රිලියන 27.07ක වාර්තාගත ඉහළ අගයක් පෙන්නුම් කර ඇතැයි ඉන්ඩියා ටයිම්ස් පුවත්පත වාර්තා කළේය. ආයතනික බදු හා රේගු මගින් කැපී පෙනෙන බදු ආදායමක් ලැබීමෙන් එරට දළ දේශිය නිෂ්පාදිත අගය දශක දෙකකට පසු 11.7%ක වර්ධනයක් පෙන්නුම් කර ඇතැයි ද වාර්තා වේ.

එරට ආදායම් බදු පැහැර හැරීම් සහ නීතිවිරෝධී ක්‍රියාමාර්ග වළකාලමින් සෘජු බදු එක්රැස් කිරිමෙන් තවත් ඉන්දීය රුපියල් ට්‍රිලියන 14.10ක මුදලක් රජයට ලැබී ඇතැයි ද, එය වාර්තාගත 49%ක ප්‍රතිශතයක් බව ද ඉන්ඩියා ටයිම්ස් පුවත්පත වැඩිදුරටත් වාර්තා කළේය.

මේ ප්‍රවණතාව ඉදිරි වසරවලදී අඛණ්ඩව පවතිනු ඇතැයි ඉන්දීය රජය බලාපොරොත්තු වන අතර, බදු එක්රැස් කිරීමේ වර්ධනය එරට දළ දේශීය නිෂ්පාදිත වර්ධනය මෙන් දෙගුණයක් පමණ වේගවත් වී ඇතැයි ඉන්දීය මුදල් අමාත්‍යාංශය නිවේදනය කර තිබේ.

 

නව අදහස දක්වන්න