21 වන පොදුරාජ්‍ය මණ්ඩලීය අධ්‍යාපන අමාත්‍යවරුන්ගේ සමුළුව කෙන්යාවේ දී | දිනමිණ

21 වන පොදුරාජ්‍ය මණ්ඩලීය අධ්‍යාපන අමාත්‍යවරුන්ගේ සමුළුව කෙන්යාවේ දී

කෙන්යාවේ නයිරෝබි නුවර දී 21 වෙනි වරටත් පැවැත්වූ වාර්ෂික පොදුරාජ්‍ය මණ්ඩලීය සාමාජික රටවල අධ්‍යාපන අමාත්‍යවරුන්ගේ සමුළුවට, පොදුරාජ්‍ය මණ්ඩලීය ලේකම් ජෙනරාල්, පැට්‍ර්ෂියා ස්කොට්ලන්ඩ් මැතිනියගේ ආරාධනය මත ශ්‍රී ලංකාව නියෝජනය කරමින් අධ්‍යාපන අමාත්‍ය, වෛද්‍ය රමේෂ් පතිරණ අමාත්‍යතුමා  පසුගිය 27 දින මාර්ගගත ක්‍රමවේදය ඔස්සේ සහභාගි විය.
 
  “කොවිඩ්-19 වසංගතයෙන් පසු ව නවෝත්පාදන, වැඩ ලෝකය සහ තිරසාර සංවර්ධනය උදෙසා අධ්‍යාපන සංවර්ධනය” යන තේමාව මුල් කරගනිමින් පැවති මෙවර සමුළුවේ දී  එහි සමාරම්භක උළෙල අමතා  දකුණු ආසියාව නියෝජනය කරමින්, ඣඪෂෘ-19 වසංගතයෙන් පසු ශ්‍රී ලංකාවේ අධ්‍යාපන තත්වය, අභියෝග, උගත් පාඩම් සහ ඉදිරි ක්‍රියාමාර්ග සම්බන්ධ ව අධ්‍යාපන  අමාත්‍යවරයා විසින් විශේෂ ඉදිරිපත් කිරීමක් සිදු කරන ලදි.
 
මෙහි දී ආර්ථික වර්ධනය සඳහා අධ්‍යාපනය, ඣඪෂෘ-19 වසංගතයෙන් පසු වඩාත් ශක්තිමත් ව නැවත ගොඩනැගීම සහ මූල්‍ය අර්බුද, දේශගුණික විපර්යාස, වසංගත වැනි අනපේක්ෂිත ව්‍යසනකාරී සහ අර්බුදකාරී තත්ත්ව හමුවේ වුව ද, සම-සාධාරණ අධ්‍යාපන අවස්ථා තවදුරටත් පුළුල් කරමින් හා ඔරොත්තු දීමේ  හැකියාව සහිත ව අධ්‍යාපන පද්ධතිය ගොඩනැංවීමේ කාලීන අවශ්‍යතාව මෙන් ම ඒ සඳහා ගත යුතු ක්‍රියාමාර්ග සම්බන්ධ ව ද සාකච්ඡා කෙරුණු අතර අධ්‍යාපන ලේකම්, මහාචාර්ය කේ. කපිල සී. කේ. පෙරේරා මහතා සහ අතිරේක ලේකම් (ප්‍රතිපත්ති, සැලසුම් හා කාර්ය සාධන සමාලෝචන), ආචාර්ය මදුරා එම්. වේහැල්ල මහත්මිය ද මෙම මාර්ගගත සම්මේලනය සඳහා සහභාගී වූහ.
 
 
 

නව අදහස දක්වන්න