අලි ප්‍ර‍හාරයෙන් පවුල ම අසරණයි | දිනමිණ

අලි ප්‍ර‍හාරයෙන් පවුල ම අසරණයි

ගම්මුන්ගෙන් විරෝධතාවක්

වැල්ලවාය මොනරාගල ප්‍රධාන මාර්ගයේ ආනපල්ලම වන වගාව ඉදිරියෙන් ඇති තවමත් වැඩ අවසන් නොකළ නිවෙසක් ගම්වැදුණු අලියකු විසින් සම්පුර්ණයෙන් ම කඩා බිඳ විනාශ කිරීමට එරෙහිව ගම්වාසීහු වැල්ලවාය මොනරාගල ප්‍රධාන මාර්ගය හරස් කරමින් විරෝධතාවක් පැවැත්වුහ. වන අලියා පැමිණි නිවසේ බිත්තිය පෙරළනවාත් සමඟ එහි සිටි දරුවන් දෙදෙනෙකු හා ඥාති කාන්තාවක් අඳුරේ ම තවත් නිවසකට දිවගොස් දිවි ගලවාගෙන ඇත්තේ අනුනවයෙනි. පසුව අලියා නිවස සම්පුර්ණයෙන් ම විනාශ කර ඇතැයි පැවසේ. මෙම නිවසේ මොනරාගල කුඹුක්කන දෙමළ විද්‍යාලයේ 11-7 හා 5 ශ්‍රේණිවල ඉගෙනුම ලබන දරුවන් සිව්දෙනෙකු සිටි අතර ඔවුන්ගේ පොත් පත් ඇඳුම් පැළඳුම් ඇතුළු පාසැල් උපකරණ සියල්ල බිත්තිවලට යටවි සම්පූර්ණයෙන් ම විනාශ වි තිබේ. මීට මාස හයකට පමණ පෙර ද මෙම නිවසට වන අලි ප්‍රහාරයක් එල්ල කර තිබු අතර ඒ සඳහා ද කිසිදු වන්දි මුදලක් ලැබි නොතිබුණු බව කියැවේ. දිනපතා ගම්වදින අලි පාලනය කිරිමට වගකිවයුතු අංශ ක්‍රියාත්මක නොවීම හේතුවෙන් ඊට විරෝධය පළකිරිමට අවට කාන්තාවෝ පිරිසක් මෙම විරෝධතාව පැවැත්විමට කටයුතු කළහ.

 

වැල්ලවාය විශේෂ ජී අයි ආර් ගරුසිංහ

නව අදහස දක්වන්න