කැඩුණු ඉරාන යාත්‍රාව ගාලු වරායට ගෙන එයි | දිනමිණ

කැඩුණු ඉරාන යාත්‍රාව ගාලු වරායට ගෙන එයි

ජාත්‍යන්තර මුහුදු සීමාවේ සිට නාවික සැතපුම් 200 ඈත මුහුදේ කාර්මික දෝෂයකට ලක්ව අතරමංව තිබු ඉරාන ධීවර යාත්‍රාවක් ශ්‍රී ලංකා නාවික හමුදාවේ මුර සංචාරක නෞකාවක් මඟින් පෙරේදා (30) රාත්‍රි ගාල්ල වරාය වෙත ගෙන එනු ලැබීය. මෙම යාත්‍රාව මුහුද මැද කාර්මික දෝෂයකට ලක්ව අතරමංව සිටින බවට තානාපති කාර්යාල කරන ලද දැනුම් දීමකට අනුව නාවික හමුදාවේ මුර සංචාරක නෞකාවක් ගොස් එහි සිටි 11දෙනෙකු සමඟ යාත්‍රාව ගාලු වරාය වෙත ගෙනැවිත් ඇති අතර යාත්‍රාවේ තිබි කිසිදු සැක කටයුතු දෙයක් හමුවී නොමැති බව වරාය පොලිසිය පවසයි. කාර්මික දෝෂය අලුත්වැඩියා කරන තෙක් යාත්‍රාව ගාලු වරායේ රඳවා ඇත.

 

නව අදහස දක්වන්න