සමස්ත ලංකා පිරිවෙන් විවාද තරගයේ පළමු තැන දකුණු කළුතර ශ්‍රී පූර්වාරාම ධර්මවිජය පිරිවෙනට | දිනමිණ

සමස්ත ලංකා පිරිවෙන් විවාද තරගයේ පළමු තැන දකුණු කළුතර ශ්‍රී පූර්වාරාම ධර්මවිජය පිරිවෙනට

සිංහල භාෂා දිනය නිමිත්තෙන් ඉකුත් 27 වැනිදා බත්තරමුල්ල, ඉසුරුපාය අධ්‍යාපන අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේ පැවති සමස්ත ලංකා පිරිවෙන් විවාද තරගයේ ප්‍රථම ස්ථානය දකුණු කළුතර ශ්‍රී පූර්වාරාම ධර්මවිජය පිරිවෙනට හිමි විය.

දෙවැනි හා තුන් වැනි ස්ථාන පිළිවෙළින් මාතර ඉසිපතනාරාම පිරිවෙනටත්, මහනුවර අස්ගිරිය පිරිවෙනටත් හිමි විය.

ත්‍යාග ප්‍රදානෝත්සවයට පිරිවෙන් අධ්‍යාපන අධ්‍යක්ෂ ජනරාල් වටිනාපහ සෝමානන්ද හිමියන් ඇතුළු දහම් පාසල් හා පිරිවෙන් භික්ෂු අධ්‍යාපන ඇමැති විජිත බේරුගොඩ සහ අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම් මහාචාර්ය කපිල පෙරේරා මහත්වරු සහභාගී වූහ.

නව අදහස දක්වන්න