මහ බැංකුව 2021 වාර්තාව එළි දක්වයි | දිනමිණ

මහ බැංකුව 2021 වාර්තාව එළි දක්වයි

ශ්‍රී ලංකා මහ බැංකුව 2021 වසර සඳහා වන සිය වාර්ෂික වාර්තාව නිකුත් කර තිබේ.

1949 අංක 58 දරන මුදල් නීති පනතේ 35 වැනි වගන්තියට අනුව, ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලයේ 72 වැනි වාර්ෂික වාර්තාව මහ බැංකු අධිපති, ආචාර්ය පී. නන්දලාල් වීරසිංහ මහතා මුදල් ඇමැති ජනාධිපති නීතිඥ එම්.යූ.එම්. අලි සබ්රි මහතාට පසුගිය දා (අප්‍රේල් 29) පිළිගැන් වීය.

භාණ්ඩාගාර ලේකම් කේ.එම්.එම්. සිරිවර්ධන, ශ්‍රී ලංකා මහ බැංකුවේ සහකාර අධිපති ඒ.ආර්.කේ. විජේසේකර, වාර්ෂික පර්යේෂණ අධ්‍යක්ෂ ආචාර්ය පී.කේ.ජී. හරිස්චන්ද්‍ර, ආර්ථික පර්යේෂණ අතිරේක අධ්‍යක්ෂවරුන් වන ආචාර්ය එස්. ජෙගජීවන් සහ ආචාර්ය ඊ. ඩබ්ලිව්.කේ.ජේ.බී. ඇහැලේපොළ යන මහත්ම මහත්මීහු ‍ෙම් අවස්ථාවට සහභාගී වූහ.

ජයසිරි මුණසිංහ

නව අදහස දක්වන්න