ඉන්ධන ප්‍රමිතිය ගැන දැනුම් දෙන්න දුරකථන අංක දෙකක් | දිනමිණ

ඉන්ධන ප්‍රමිතිය ගැන දැනුම් දෙන්න දුරකථන අංක දෙකක්

ඉන්ධනවල ප්‍රමිතිය සම්බන්ධයෙන් යම් ගැටළුවක් පවතින්නේ නම් ඒ සඳහා දැනුම්දීමට විශේෂ දුරකථන අංක දෙකක් හදුන්වා දී ඇතැයි විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පැවසීය.
 
රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද(02) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් අමාත්‍යවරයා සඳහන් කළේ 0115234234 හෝ 0115455130 යන අංක වෙත එම ගැටළු සම්බන්ධයෙන් තොරතුරු දැනුම්දීමේ හැකියාව පවතින බවයි.
 
ප්‍රදේශ කිහිපයකින් ඉන්ධනවල පවතින ගැටළු සම්බන්ධයෙන් පැමිණිලි ලැබී ඇති බව ද අමාත්‍යවරයා එහිදී ප්‍රකාශ පැවසීය.

නව අදහස දක්වන්න