කිමිදුම්කරුවන්ට මෙන්ම ගංගාවල, ජලාශවල මෙන්ම මුහුදේ විවිධ පර්යේෂණවල නිරත වන්නන්ට නිතරම ජලයේ පිහිනීමට මෙන්ම කිමිදීමට සිදු වෙයි. කෙසේ වෙතත් නිතරම පිහිනීමට සිදු වීමෙන් එම පුද්ගලයන්ට වැඩි ශරීර ශක්තියක් වැය කිරීමට සිදු වන අතර, ඇතැම් අවස්ථාවලදී දියේ ගිලීමට පවා හැකිය.
ඔබට Subnado භාවිත කරමින් ජීවිත ආරක්ෂාව 100%ක් තහවුරු කර ගත හැකි අතර, ශරීර ශක්තිය වැය නොකර ජලයේ ගමන් කිරීමට මෙන්ම පතුලේ කිමිදෙමින් අවශ්‍ය කටයුතු සිදු කිරීමට ද මේ උපකරණය වඩාත් ප්රයෝජනවත්ය.
Subnadoහි ඇති විශේෂත්වය වන්නේ එය කුඩා වීමය. පහසුවෙන් බෑගයක දමා ඕනෑම තැනක රැගෙන යා හැකි අතර, ආරෝපණය කිරීමෙන් වැඩි වේලා ඔබට ජලය තුළ කිමිදීමට මෙන්ම ජලයෙන් මතුපිටට පැමිණීමට උපකාරි වෙයි. මෙය අතෙහි පැලඳිය හැකි අයුරින් නිර්මාණය කර තිබෙන අතර, ඔබට එකකින් ලැබෙන වේගවත් බව ප්‍රමාණවත් නොවේ නම් අත්දෙකෙහි මෙන්ම පාදවලද පහසුවෙන් Subnado පැලඳීමට හැකිය.
නව අදහස දක්වන්න