කෙන්ගල්ල ජාතික පාසලේ නිල ලාංඡන පැළඳවීම... | දිනමිණ

කෙන්ගල්ල ජාතික පාසලේ නිල ලාංඡන පැළඳවීම...

මහ/ කෙන්ගල්ල ජාතික පාසලේ 2022 වසර සඳහා අභිනවයෙන් තේරී පත් වූ ශිෂ්‍ය නායක නායිකාවන්ට නිල ලාංඡන පැළඳවීමේ උළෙල පසුගිය දා පැවැත්විණි.

විද්‍යාලයේ විදුහල්පති ජේ.කේ.තිලකරත්න බණ්ඩා මහතාගේ මගපෙන්වීම යටතේ පැවති මෙම අවස්ථාවට, තෙල්දෙණිය මූලස්ථාන පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ශාන්ත බණ්ඩාර, කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ තරංගා ගුණරත්න, කොට්ඨාස අධ්‍යාපන අධ්‍යක්ෂ ඒ.එම්.චාන්දනී යන මහත්ම මහත්මීන් ප්‍රධාන ආරාධිතයන් ලෙස සහභාගී වූහ. 2022 වසරේ විදුහලේ ප්‍රධාන ශිෂ්‍ය නායකයා ලෙස ආර්.එල්.කේ.මෙත්මල් ලියනගේ සිසුවාද, ප්‍රධාන ශිෂ්‍ය නායිකාව ලෙස එම්.ඒ.උදානි ලක්මාලි සිසුවියද තේරී පත් වූ අතර, සිසු සිසුවියක් 42දෙනෙක් ශිෂ්‍ය නායක පදවියට පත්වූ හ.

සුනිල් ගුණවර්ධන - කුණ්ඩසාලේ සමූහ

නව අදහස දක්වන්න