මහවැස්සෙන් ගාල්ලේ මාර්ග කීපයක ස්ථාන ජලයෙන් යට වෙයි | දිනමිණ

මහවැස්සෙන් ගාල්ලේ මාර්ග කීපයක ස්ථාන ජලයෙන් යට වෙයි

ගමනාගමනයට බාධා

අයහපත් කාලගුණය හේතුවෙන් ගාලු නගරයට පෙරේදා (01) පස්වරුවේ ඇදහැලුණු ධාරානිපාත වර්ෂාව නිසා ගාල්ල වක්වැල්ල සහ ගාල්ල බද්දේගම ප්‍රධාන මාර්ගවල ස්ථාන කීපයක් ජලයෙන් යටවීම නිසා ගමනා ගමනයට බාධා ඇති විය. ගාල්ල වක්වැල්ල ප්‍රධාන මාර්ගයේ හපුගල කලේගාන ප්‍රදේශ වර්ෂා ජලයෙන් යට වී තිබිණි.

ගාල්ල බද්දේගම ප්‍රධාන මාර්ගයේ දංගෙදර, හිරිඹුර සන්දරවල ප්‍රදේශ වර්ෂා ජලයෙන් යට වීම නිසා මාර්ගයේ ගමනාගමන කටයුතුවලට දැඩි බාධා එල්ල විය.

හිනිදුම විශේෂ -රවීන්ද්‍ර ලියනගේ

නව අදහස දක්වන්න