වසර දෙකකට පසු නවසීලන්තය සංචාරකයන්ට රට විවෘත කරයි | දිනමිණ

වසර දෙකකට පසු නවසීලන්තය සංචාරකයන්ට රට විවෘත කරයි

කොවිඩ් වසංගතයේ ව්‍යාප්තියෙන් පසු පළමු වරට නවසීලන්තය සංචාරකයන් සඳහා රට විවර කිරීමට පියවර ගෙන ඇත. රට යළි සංචාරකයන්ට විවෘත කිරීමත් සමඟ ඕක්ලන්ඩ් ගුවන්තොටුපොළ මගීන්ගෙන් පිරී ගිය බව වාර්තා වේ. බොහෝ මගීන් වසර දෙකකට පසු සිය පවුලේ සාමාජිකයන් සහ ඥාතින් හමු වීම හැඟුම්බර සිදුවීමක් වූ බව බීබීසී පුවත් සේවය වාර්තා කළේය.

ඒ අනුව රටවල් 60කට අයත් සංචාරකයන්ට යළි නවසීලන්ත භූමියට පා තැබිය හැකි බව නවසීලන්ත රජය නිවේදනය කර ඇති අතර, පූර්ණ එන්නත්කරණයට ලක් වූ නෙගටිව් පීසීආර් පරීක්ෂණ ප්‍රතිඵල සහිත සංචාරකයන්ට රටට ඇතුළු වීමට අවසර ලැබෙන බව ද එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් කර තිබේ.

 

නව අදහස දක්වන්න