සිරුරේ ප්‍රතිශක්තිය අඩපණ කරන නව කොවිඩ් 19 උප-ප්‍රභේද දෙකක් සම්බන්ධයෙන් ලෝක සෞඛ්‍ය සංවිධානය විමසිල්ලෙන් පසු වන බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.
මෙම නව ප්‍රභේද නම් කර ඇත්තේ බී.ඒ.4 සහ බී.ඒ.5 ලෙසය. බී.ඒ.4 සහ බී.ඒ.5 ඔමික්‍රෝන් උප-ප්‍රභේද සිරුරේ ප්‍රතිශක්තිය අඩපණ කරමින් කොවිඩ් එන්නත්වලට පවා ප්‍රතිරෝධයක් දක්වන බව ලෝක සෞඛ්‍ය සංවිධානය කියයි. මේ බව පෙන්වා දී ඇත්තේ දකුණු අප්‍රිකානු වයිරස් විශේෂඥයන් බවත් විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.
ඔමික්‍රෝන් ප්‍රභේදය ප්‍රථමයෙන් හඳුනාගෙන ඒ බව ලොවට ප්‍රසිද්ධ කළේ දකුණු අප්‍රිකා විද්‍යාඥයන් වන අතර ලොව ප්රමුඛ පෙළේ වයිරස් පර්යේෂණ ආයතන ඇත්තේ ද දකුණු අප්‍රිකාවේය.
දකුණු අප්‍රිකාව මේ වන විට පස්වැනි කොරෝනා රැල්ලෙන් පීඩා විඳින බවට වාර්තා වේ.
පළමු ඔමික්‍රොන් විකෘතිය බී.ඒ.1, බී.ඒ.2 සහ බී.ඒ.3 ආදි වශයෙන් බෙදී වෙන් වී ගොස් ඇති අතර මෙම උප ප්‍රභේද තුනට වඩා අලුතින් හඳුනා ගැනුණු බී.ඒ.4 සහ බී.ඒ.5 උප-ප්‍රභේද බිහිසුණු බවත්, එය යළිත් වරක් ලොව පුරා කොරෝනා වසංගත රැල්ලක් ඇති කිරීමට හේතුවක් වීමට ඉඩ ඇති බවත් දකුණු අප්‍රිකා වයිරස් විශේෂඥයන් ලෝක සෞඛ්‍ය සංවිධානයට පැහැදිලි කර තිබේ.
සන්ධ්‍යා කරුණාරත්න
නව අදහස දක්වන්න