ගීත රචනයෙන් පෙරට එන චමින්ද | දිනමිණ

ගීත රචනයෙන් පෙරට එන චමින්ද

බලශක්ති අමාත්‍යාංශයේ අතිරේක ලේකම් චාමින්ද හෙට්ටිආරච්චි පද රචනය කරන ලද 'ලොව සොඳුරු දෑ අරුමෙකී' , ගායන ශිල්පී ලක්ෂ්මන් හේවාවිතාරණ තනු නිර්මාණය කර ගයන නවතම ගීතයයි.

ගැටලුකාරී පරිසර තුළින් වුණත් විශිෂ්ට නිර්මාණ බිහි විය හැකි බවට සාක්ෂි සපයමින් මෙම හරවත් ගීතය ලියැවෙන්නේ චාමින්ද හෙට්ටිආරච්චි මහතා කොවිඩ් රෝගයට ගොදුරු වී සිටි කාලය තුළය. ලොව බොහෝ දේ තමන්ටම හිමි නොවී වුව සතුට සැනසීම උදා කර ගත හැකි බවට වූ තමන්ගේම සරල ජීවිත අත්දැකීම් මෙම ගීතයට පදනම වූ බව ඔහු සඳහන් කරයි.

'සාහිත්‍යය මඟින් ලැබෙන ජීවිතාවබෝධයෙන් ඇත්තටම අපේ මානසික පීඩනය ගොඩක් අඩු කර ගන්න පුළුවන්. අපිට අපිව විශේෂ කර ගන්නවාට වඩා දුක සැප සියල්ල රැඳුණු මේ ලෝ තලයේ අපිත් සාමාන්‍ය කෙනෙක් කියා හිතන තරමට හිතේ සැහැල්ලුව වැඩි වෙනවා. එහෙම හිතන්න දිරියක් සාහිත්‍යයෙන් ලැබෙනවා. පරිපාලන නිලධාරියකු ලෙස ගත කරන කාර්යබහුල ජීවිතයකට සාහිත්‍යයෙන් ලැබෙන පිටිවහල පිළිබඳව චාමින්ද හෙට්ටිආරච්චි පවසන්නේ මෙලෙසිනි.

'ඇත්තටම සාහිත්‍යය මඟින් ලැබෙන ජීවිතාවබෝධයෙන් ඇත්තටම අපේ මානසික පීඩනය ගොඩක් අඩු කර ගන්න පුළුවන්. අපිට අපිව විශේෂ කර ගන්නවාට වඩා දුක සැප සියල්ල රැඳුණු මේ ලෝ තලයේ අපිත් සාමාන්‍ය කෙනෙක් කියා හිතන තරමට හිතේ සැහැල්ලුව වැඩිවෙනවා. එහෙම හිතන්න දිරියක් සාහිත්‍යයෙන් ලැබෙනවා. ඇත්තටම මගෙන් ලොකු සාහිත්‍ය නිර්මාණ බිහිවී නැහැ. ඒ වුණත් විවිධ කාල වකවානුවල කවි, කෙටිකතා ආදිය ලියල තියෙනවා. සමහර ඒවා පුවත්පත් වල පළ වුණා. ඒ වගේම මම මෑතකදි තම අම්මත්, බිරිඳත් දුවත් ගැන පිරිමි පුද්ගලයකුට දැනුණු අදහස් ගැන ගීතයක් ලීවා.

ඊට අමතරව මම විද්‍යා ගුරුවරයෙක් ලෙස සේවය කරන කාලේ විෂයානුබද්ධ පොත් දෙකක් පළ කරල තියෙනවා'

කලාවේ පරම අරමුණ ජනතාවට ජීවිතාවබෝධයක් ලබා දීම නම් එය අකාලික නමුත් තාක්ෂණික වෙනස්වීම් අනුව කලාව හසුරුවන ක්‍රම වෙනස් වන බව පවසන චාමින්ද හෙට්ටිආරච්චි මහතා නව තාක්ෂණය නිර්මාණ සඳහා සුබවාදී බලපෑමක් කරන බව පවසයි.

'දැන් බලන්න වට්සැප්, ඊ බුක්ස් ආදිය නිසා නිර්මාණ වල ව්‍යාප්තිය වේගවත් වෙලානෙ. හොඳ නිර්මාණ මෙවැනි තාක්ෂණික ක්‍රමවේද තුළින් විශ්වගත කිරීමෙන් ලොවටම වෙන්නෙ යහපතක්.....'

ක්‍රිසන්ති විතාරණ

නව අදහස දක්වන්න