ආම්ස්ට්‍රෝංගෙන් පිහිනුම් ලෝක වාර්තාවක් | දිනමිණ

ආම්ස්ට්‍රෝංගෙන් පිහිනුම් ලෝක වාර්තාවක්

අමෙරිකාවේ ඔලිම්පික් ක්‍රීඩක හන්ටර් ආම්ස්ට්‍රෝං මීටර් 50 පසුපස ආර ඉසව්වේ ලෝක වාර්තාව තත්පර 23.71කින් බිඳ දමයි.

ආම්ස්ට්‍රෝං විසින් බිඳ හෙළනු ලැබුවේ රුසියාවේ ක්ලෙමන්ට් කොලේසෙන්කෝ විසින් 2021 වසරේ තත්පර 23.80කින් බුඩාපේස්ට්හිදී තබා තිබූ වාර්තාවය. 21 හැවිරිදි ආම්ස්ට්‍රෝං ටෝකියෝ ඔලිම්පික් උලෙළේදී මීටර් 100 සහාය මෙඩ්ලී පිහිනුම් ඉසව්වේ පදක්කමක් දිනා ගැනීමට ද දායක වූ ක්‍රීඩකයෙකි.

හන්ටර් ආම්ස්ට්‍රෝං මීටර් 50 පසුපස ආර ඉසව්වේ ලෝක වාර්තාව බිඳ හෙළද්දී අමෙරිකාවේ ජස්ටින් රේස් තත්පර 23.92කින් හා ෂේන් කාසාස් තත්පර 24.00කින් ආසන්නයෙන් තරගය නිමා කළහ.

නව අදහස දක්වන්න