ලිට්‍රෝ ගෑස්වලට මිල සූත්‍රයක් ඉදිරියේදී හඳුන්වා දෙනවා | දිනමිණ

ලිට්‍රෝ ගෑස්වලට මිල සූත්‍රයක් ඉදිරියේදී හඳුන්වා දෙනවා

පාරිභෝගිකයාට සහනයක් දීම වෙනුවෙන් ලිට්‍රෝ ගෑස් සඳහා මිල සූත්‍රයක් ඉදිරියේදී හඳුන්වා දෙන බව ලිට්‍රෝ ගෑස් සභාපති ඉංජිනේරු විජිත හේරත් මහතා 'දිනමිණ'ට ඊයේ (03) පැවසීය.

තායිලන්තයේ සියම් සමාගම මඟින් ගෑස් ගැනීමට කැබිනට් අනුමැති මේ වන විට ලැබී ඇති බවත් ඉදිරි සති දෙක තුළ එම ගෑස් ලංකාවට ලැබෙනු ඇති බවත් සභාපතිරයා කීවේය.

මේ වන විට ලෝක වෙළෙඳපොළේ ගෑස් මෙට්‍රික් ටොන් එකක් ඩොලර් 860ක මුදලට ගන්නා අතර එයට රක්ෂණ ගාස්තු, සේවා ගාස්තු හා නැව් ගාස්තු වශයෙන් ඩොලර් 96ක් එකතු වේ. මේ නව ගිවිසුම මඟින් නැව් ගාස්තු, සේවා ගාස්තු හා රක්ෂණ ගාස්තු සියයට 10කින් අඩු කර ගැනීමට හැකියාව ලැබී ඇති බව ද සභාපතිවරයා පෙන්වා දුන්නේය.

කෙසේ වෙතත් ලෝක වෙළෙඳපොළේ ගෑස් මිල ඉහළ පහළ යෑමේදී ජනතාවට සහන දීමට නව මිල සූත්‍රයක් හඳුන්වා දීමට කටයුතු කරන බව ද විජිත හේරත් මහතා වැඩි දුරටත් කීය.

චමීර ඇල්ලදෙණිය

නව අදහස දක්වන්න